පෞරුෂ සංවර්ධනය
පෞරුෂ සංවර්ධනය
ළමා පෞරුෂ සංවර්ධනය පීළිබද සිග්මන්ඩ් ප්‍රොයිඩ් මෙම අදහස් ඉදිරිපත් කර ඇත.ජීවිතයේ මුල් අවුරුදු කිහිපය පෞරුෂ සංවර්ධනයේ ඉතාමත් ම වැදගත් අවධීන් ලෙස මොහු විසින් සලකනු ලබයි. අවුරුදු 05 න් පසුව පෞරුෂ සංවර්ධනයේ ඉහලම අවධීන් කරා ගමන් කරන බව සිග්මන්ඩ් ප්‍රොයිඩ් පෙන්වා දෙයි. පහත එක් එක් අවධීන් හි දී ලබන.අත්දැකීම් සංතෘප්ත කරගැනීම හෝ කර නොගැනීම අනුව පෞරුෂය සංවර්ධනය සිදු වන බව මොහු පවසයි.
01. මුඛීය අවධිය oral stage
උපතේ සිට අවුරුදු 02 දක්වා
මෙම අවධියේ තොල් සහ මුඛය හරහා තෘප්තිමත් වේ. මවගේ කිරි උරා බීම, පියයුරු සපා කෑම, තවරා ගැනීම,කෙළ පිමබීම වැනි මුඛය ආශ්රිත විවිධ ක්‍රියාකාරකම් හරහා තෘප්තිමත් වේ. අනෙක් ශරීරයේ සියලුම අවයවයන්ට වඩා වඩාත් ශක්තිමත් හා ක්‍රියාකාරීම අවයවය මුඛය වේ.
යම් හෙයකින් මුඛය හරහා තෘප්තිමත් වීමට නොහැකි වුවහොත් එය අවරෝධනය කරගන්නා බව ප්‍රොයිඩ් පවසයි. ඉඩ් හි එය තැන්පත් වේ. නිදසුනක් ලෙස මවගෙන් කිරී උරා බීමට අවස්ථාවක් නොලැබීම. මෙහිදී වැඩිවියට පත් වූ පස කාලයක එම සපුරා ගැනීමට නොහැකි වූ අවශ්‍යතාවය වෙත නැවත ගමන් කරයි. මුඛ තෘප්තිය වෙනත් ක්‍රියාකාරකම්වලින් අපේක්ෂා කරයි.
සිගරට් බීම
අතිශය දොඩමලු පුද්ගලයෙක් වීම
මුඛය ආශ්රිත ක්‍රියාකාරකම්වලට වඩාත් තෘප්ත වීම
02.ගුද අවධිය Anal stage
වයස අවුරුදු 1-4 ත් පමණ කාලය අයත් වෙයි. ලිංගික ප්‍රේරණය මුඛයෙන් පායුකය හෙවත් ගුදය වෙත සංක්‍රමණය වන අවධියයි. වැසිකිලි පුහුණුව ලබා දෙන්නේ මෙම අවධියේ දීය. දරුවාට නියමිත වැසිකිලි පුහුණුවක් ලබා දීම ඉතාම අසීරැයි . නියමිත කාලය වන තෙක් රඳවා ගැනීම,නියම ස්ථානය වෙත ගමන් කිරීම ක්‍රමානුකූලව පිරිසිදු කරගැනීම වැනි පුහුණුව ලබා දීමේ දී මවගේ කාර්යය භාරය ඉතා වැදගත් වෙයි. බොහෝ විට මව අධික කාර්ය බහුල අයෙක් වුවෙහොත් එය මඟ හැරී යයි. ක්‍රමානුකූලව පුහුණුවක් නොලාබීම යනු මෙම පෞරුෂ සංවර්ධනය අවධිය සංවර්ධනය නොවීමයි. එසේ සංවර්ධනය නොවීමෙන් සිදු වන්නේ පසුකාලීනව අසංවිධානාත්මක පෞරුෂයක් ළමයා තුල ගොඩනැගීමයි. එමෙන්ම වැසිකිලි යාම ක්‍රමවත් ව කිරීමෙන් පසු දරුවාව අනිසි ලෙස ඇගයීම ප්‍රසංශා කිරීම නොකල යුතුය. එවිට පසුකාලීනව අධික මසුරු පුද්ගලන් බවටපත් වේ. ලෝභ පුද්ගලයන් බවට පත් වෙයි.
03. ලිංග රෑපී අවධිය
අවුරුදු 3- 7ත් දක්වා
ඉහත අවධියෙන් පසුව ලිංගික ප්‍රේරණය පායුකයෙන් ලිංගය වෙත සංක්‍රමණය වේ. මෙය ලිංගික ක්‍රියාකාරී අවධියක් නොව ස්ත්‍රී පුරුෂ වෙනස සංකේතාත්මක ලෙස හදුනා ගන්නේ මෙහිදීය. මව සහ පියාගේවෙනස හදුනා ගනියි. ගැහැනු පිරිමි ලෙස ළමුන්ගේ වෙනසක් ආරම්භ වන අවධියකි.
මෙම අවධියේ දී ගැහැණු ළමයා ආකර්ශනය වන්නේ තම පියාටය. පියාගේ ආදරය ලැබීමට මව බාධාවක් ලෙස සිතයි. පිරිමි දරුවා ආකර්ශනය වන්නේ තම මවටයි. මවගේ ආදරය ලැබීමට පියා බාධාවක් සේ දකියි. මෙම අවධියට පෙර දෙපාර්ශවයේම කාමවස්තුව ( ප්‍රොයිඩ් විශ්ලේෂණය අනුව ) වන්නේ තම මවයි. මවගෙන් පමණක් සියල්ල අපේක්ෂා කරයි.
මෙහිදී පිරිමි දරුවා තුළ මවට ඇතිවන බැඳිම හා පියාට එරෙහි වීම ඊඩිපස් සංකීර්ණය (eadipus complex) නමින් හඳුන්වයි. මෙය පෞරුෂ සංවර්ධනයේදී නිසි වයස තුළ දී ඇතිවිය යුතුය. එමෙන්ම නිසි වයසේ දී අවරෝධනය විය යුතුය. අවරෝධනය වන්නේ කප්පාදු කාංසාව හෙවත් පියා තම ලිංගය කපා දමතැයි ඇතිවන බිය, සහ ළමයාගේ පරිනතිය සමඟයි. යම් හෙයකි් මෙම වයසේ දී පියා මිය යෑම, අතහැර යාම , විදේශ රටක සීටීම නිසා මෙම පෞරුෂ සංවර්ධනය නිසි ආකාරයෙන් සිදු නොවේ. එවිට පසු කාළිනව ළමයාට අහිතකර ලෙස බලපායි. ගැහැණු ගති සහිත වීම, මව සමඟ අනවශ්‍ය චිත්තවේගික සම්බන්ධයක් ගොඩනැගීම. විවහ ජීවිත අසාර්ථක වීමට පවා මෙම තත්ත්වයන් හේතු වෙයි.
ගැහැනු දරුවා තුළ පියා සමග ඇතිවන බැඳිම සහ මවට එරෙහි බව ඉලෙක්ට්රා සංකීර්ණය වේ. කප්පාදු කාංසාව ගැහැනු ළමයාට බල නොපෑවද පරිනතිය හා අනෙකුත් හේතුන් මත අවබෝධ කරගනියි. ගැහැනු ළමයා තුල මෙම අවධියේ දී පියා නොමැති වීම මත පෞරුෂය සංවර්ධනය නිසි ආකාරයෙන් සිදු නොවුන හොත් පසුකාලීනව විවධ දෝෂයන් ඇති වෙයි. පිරිමි ගති ඉස්මතු වීම, ස්ත්‍රී ලාලිත්‍ය නොමැති වීම, සමලිංගික සේවනය වැනි හැසිරීම් ඇතිවිය හැකිය.
04. නිලීන අවධිය
මෙය අවුරුදු 7ත් වැඩිහිටි වියට පැමිණිම සිදුවන අවධිය වේ. මේ අවධියේ දී පිංගික ප්‍රේරණය සැගව ඇත. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ආදිය නුරුස්සයි. බුද්ධිය වර්ධනය වේ. වඩාත් සදාචාර සම්පන්න අවධියකි. ගැහැනු ලමුන් වෙනමත් පිරිමි ලමුන් වෙන වෙනමත් කොටස් වන්නේ මේ අවධියේ දීය.පාසල් තුල එය හොඳින් දැක ගත හැකිය. පෞරුෂ සංවර්ධනය සැඟව සිදුවන අවධියකි
06. ප්‍රජනන ලිංගික අවධිය
මෙය අවුරුදු 12න් පසුව එළඹෙයි. 18 දක්වා ඇත. මෙම අවධියේ විශේෂත්වය යනනේ මෙතෙක් කලක් තමාවම තෘප්ත කරගැනීමට උත්සහ කර ලමයා මේ අවධියේ වෙනත් අයෙක් තෘප්ත කිරීමට පෙලඹීමයි. ප්‍රේමය, ලිංගිකත්වය, රාගය වැනි හැගීම් කෙරෙහි උනන්දු වෙයි. මනෝලෝක නිර්මාණය කරගනියි. අත්හදා බැලීමට යයි. පෙර අවධීන්වල පෞරුෂත්වය සංවර්ධනය නොවුනහොත් මෙම අවධියේ ගැටලු ඇති වෙයි. මෙය ළමා පෞරුෂ සංවර්ධනයේ අවසාන අවස්ථාවයි.
සටහන P S Y C H O L O G Y සතුය.
Comments
Post a Comment