පෞරුෂය ආබාධ හඳුනා ගනිමු
පෞරුෂ ආබාධ
පෞරුෂ අබාධයක් යනු සමාජය තුළ අන්තර් සම්බන්ධතා පැවැත්වීමට නෙහැකි අනම්‍යශීලි අභ්‍යන්තර හා බාහිර චර්යාවන්ය. තැනට උචිත ආකාරයෙක් හැසිරීමට මෙම පෞරුෂ ආබාධ සහිත පුද්ගලයන්ට නොහැකිය. පෞරුෂ ආබාධයක් සහිත පුද්ගලයන් තමාට ආබාධයක් පවත්න බවට පිළිගන්නේ නැත. ඒ පිළිබඳ සවිඥානික ද නොවෙයි.
පෞරුෂය ආබාධ වර්ග කිහිපයක් ඇත
ඒ අතරින්
1. සමාජ විරෝධි පෞරුෂ අක්‍රමතාවය Antisocial personality disorder
2. සීමස්ථ පෞරුෂය අක්‍රමතාවය Borderline personality disorder
3. මායාත්මක පෞරුෂය අක්‍රමතාවය Histrionics personality disorder
4. නාසිස්ම පෞරුෂ අක්‍රමතාවය Narcissistic personality disorder
පිළිබඳ මෙහිදී සාකච්ඡා කරමු. තවත් පෞරුෂය අක්‍රමතාවයන් කිහිපයක් ඇත.
1.සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවය Antisocial personality disorder
මෙම පෞරුෂ ආබාධය ඇති පුද්ගලයන් අන්අයට විරුද්ධව, අන්අයගේ අයිතිවාසිකම් හා හැඟිම් නොසලකා හරියි. තමාගේ ආක්‍රමණශීලි චර්යාවන් ගැන පසුව වරදකාරී සිතුවිල්ලක් හෝ පසුතැවිල්ලක් ඇතිකරගන්නේ ද නැත.
මිනිමැරීම්, පහැරගැනීම්, සොරකම් කිරීම,මත්ද්‍රව්‍ය විරෝධි චර්යා ඇතුලු සමාජ විරෝධි චර්යාවන්ට වැඩිවශයෙන් යොමු වන්නේ මෙම පෞරුෂ ආබාධය සහිත පුද්ගලයන් වෙයි. වයස අවුරුදු 18ඉක්මවූ තැන මෙම පෞරුෂ ආබාධය හොදින් හදුනා ගත හැකි වුනත් කුඩා කාලයේ පටන් ම යම් යම් ආක්‍රමණශීලි චර්යාවන්ගේ නිරත වී ඇත බව මනෝවිද්‍යාඥයන් කරන ලද පරීක්ෂණ ඇසුරින් තහවුරු කරගෙන ඇත. පසු කාලීනව රටේ නීති උල්ලංඝනය කරමින් විශාල සමාජ හානිදායක චර්යාවන් වෙත යොමු වන්නේ මෙම ආබාධය සහිත පුද්ගලයන්ය.
මොවුන් ව හදුනාගන්නෙ කොහොමද ?
1. මත්කුඩු / මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි පෙළඹීමක් ඇත.
2. පවුල රැකියාව පාසල සම්භන්ධව වැඩි ඇලීමක් නැත
3. ආවේගශීලී ය
4. අනාරක්ෂිත ලිංගික චර්යාවල නිරත වෙයි
5. අන්අයට ගරු නොකරයි.
6. අන්අයට තමා අතින් හානියක් වූවත් ඒ ගැන පසුතැවීමක් නැත
මේ පෞරුෂ ආබාධයට හේතු වන්නෙ මොනවද ?
1. කුඩා කාලයේ මෙම පෞරුෂ ආබාධය සහිත පුද්ගලයන්ගේ ආභාසය ලබා තිබීම
2. යහපත් මානසික සෞඛයකින් යුත් පවුල් පරිසරයක් නොතිබීම
3. ළමා කාලයේ ලිංගික අපයෝජන හා වෙනත් හිරිහැර සඳහා මුහුණ දීම
මෙහි ප්‍රතිඵල මොනවද ?
1. විශාදය කාංසාව වැනි මානසික රෝගවලට ගොදුරු වීම
2. සියදිව් නසා ගැනීම
3. මත්ද්‍රව්‍යට ඇැබ්බැහිවීම
4. බන්ධනාගාර ගතවීම මරණ දණ්ඩනය නීතියෙන් ලැබීම
5. පවුල් ජීවිතය විකෘතී වීම
ඇතැම් විට මෙම පෞරුෂ ආබාධය ප්‍රතිකාර නොලැබුවද කල්යත්ම සුවවිය හැකිය. නමුත් ඒ වන විට තරුණ විය හා මැදි විය අවසාන වී තිබිය හැක. නොඑසේ නම් නීතිය හමුවේ දඩුවම් ලැබීමට සිදුවෙයි. එම නිසා යම් දරුවෙක් ළමාවියේදී හෝ යොවුන් වීයේදී මෙවැනි චර්යා පෙන්නුම් කරන්නේ නම් වහාම මනෝ ප්‍රතිකාර වෙත යොමු කරවිය යුතුය.
2. මායාත්මක පෞරුෂය අක්‍රමතාවය යනු කුමක්ද ?
පෞරුෂ අක්රමතාවයන්ගේ ස්වභාවය වන්නේ අභ්‍යන්තර හා බාහිර චර්යා රටාවන්වල ආත්ම කේන්ද්‍රය බව හා අනම්‍යශීලි ස්වභාවයයි. එනම් පෞරුෂ අක්‍රමතාවයකින් යුතු පුද්ගලයා අභ්‍යන්තර හා බාහිර චර්යාව සාමාන්‍ය අපේක්ෂිත චර්යාවට වඩා බෙහෙවින් වෙනස් වෙයි. මායාත්මක පෞරුෂ ආබාධය සහිත පුද්ගලයාගේ චර්යාව ද එසේය. මේ ආබාධය සහිත පුද්ගලයා එදිනෙදා සමාජය තුළ කටයුතු කිරීමේදී ඔබට හමු වී තිබේදැයි බලන්න.
1. මොහු අතිශය ආත්ම කේන්ද්‍රිය වෙයි
2. අන් අය පාලනය කිරීමට බෙහවින් කැමතිය
3. අතිශය චිත්තවේගී ස්වභාවයක් ඇත. එනම් අනවශ්‍ය ලෙස සෑම දෙයක් ගැනම සිතයි.
4. තම ස්වයං වටිනාකම හා ආත්ම අභිමානය ගැන පැහැදිලි හැඟීමක් නැත.
5. අන් අයගේ අවධානය ලබා ගැනීමට විවිධ කැපීපෙනීමේ නාට්‍යානුසාරී චර්යා දක්වයි.
6. කුසලතා හැකියාවන් තිබුනද තැනට ගැලපෙන ලෙස හැසිරීමට හැකියාවක් නැත.
මේ පෞරුෂ අක්‍රමතාවය බහුලවම පවතින්නේ කාන්තාවන්ටය. නව යොවුන් වියේ දී මෙම තත්ත්වය ඇතිවෙයි. කැපී පෙනීමේ අශාව යොවුන් වියේ එක් වර්ධනය අංගයක් වූවත් ඉන් නොනැවතී දිගටම මෙම ලක්ෂණ දැක්වීම මෙම පෞරුෂ ආබාධයේ රෝග ලක්ෂණ වෙයි. .
සමාජය ඉදිරියේ කැපී පෙනීමට ඇති අතිශය ආසාව නිසා ,
1. තැනට නොගැලපෙන ඇදුම් අදියි.
2. නොගැලපෙන චර්යා දක්වයි. ආලවන්ත නාට්‍යානුසාරී චර්යා දක්වයි.
3. තම පෙනුම ගැන සහ ශරීර අවයව ගැන ඕනෑවට වඩා වදවෙයි.
මෙම පෞරුෂ අක්‍රමතාවය සහිත පුද්ගලයන් තුළ සියදිවි නසා ගැනීමේ සිතුවිලි වුව ඇතිවිය හැකිය. අධික චිත්තවේගාත්මක ස්වභාවයක් අත්විඳිම එයට හේතුවයි.
පෞරුෂය අක්‍රමතා පිළිබඳ ඊළග ලිපියෙන් හමුවෙමු. ❤️
R.S.P kulathunga
Psychology (hons)
Dip in counseling psychology
Comments
Post a Comment