ඔබටත් භින්නෝන්මාදයද ? [ ප්‍රධාන මානසික රෝග හඳුනාගනිමු i - භින්නෝන්මාදය schizophrenia ]
ප්‍රධාන මානසික රෝග හඳුනාගනිමු 01
භින්නෝන්මාදය schizophrenia
භින්නෝන්මාදය යනු ප්‍රධාන මානසික රෝග ගනයට අයත්වන සයිකෝෂීය මානසික අක්‍රමතාවයකි. සයිකෝෂීය අක්‍රමතාවයන්ගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මොවුන් සම්පූර්ණයෙන් යථාථයෙන් බැහැරව සිටීමයි.මෙවැනි පුද්ගලයන් අපට එදිනෙදා සමාජයේ දී හමුවන අතර හිටි හැටියේ ම යථාර්ථවාදී නොවන ප්‍රකාශ පවසයි.
තමාව කාලි මෑණියන් / සූනියම් දෙවියන් පාලනය කරන බව පැවසීම
ග්‍රහ වස්තූන් තමා පිටුපස එන බව පැවසීම (ඉර හඳ )
තමාට යම් වරමක් ලැබී ඇති බව පැවසීම
තමා අතීත ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පසු ආත්මය බව පැවසීම . (උදා රාවණා චරිතය, කුවේණි, දුටුගැමුණු චරිතය)
මේ ආකාරයට යථාර්ථයෙන් ඈත් වූ ප්‍රකාශ නිතර පවසන පුද්ගලයන් සමාජ මාධ්‍ය හෝ ඵදිනෙදා ජීවිතය තුළ ඔබට හමු වී ඇත.ඵනම් රෝගියාගේ සිතුවිලි සංවේදනය හා චිත්තවේගවල ප්‍රබල වෙනස්කම් ඇතිවෙයි. ඇතැම් අයෙකුට මෙම රෝගය එකවර ඇති පිහිය ඇතිවිය හැකි අතර සමහරෙකුට ටිකෙන් ටික ඇතිවිය හැකිය .
භින්නෝන්මාදය රෝග තත්ත්වයට ගොදුරු විය හැකි පුද්ගලයන් කවුද ?
01 ඔබ මා ඇතුළු ව ඕනම පුද්ගලයෙක් ගොදුරු විය හැකිය.
02 සිදුකර ඇති පර්යේෂණවලට අනුව අවුරුදු 20-40 අතර අය වැඩි වශයෙන් ගොදුරුවෙයි.
03 පිරිමි පාර්ශවය මෙන්ම කාන්තා පාර්ශවයද ගොදුරු වෙයි.
04 විශාද රෝගී තත්ත්වය උග්‍ර වීමෙන් භින්නෝන්මාදයට ගොදුරු වෙයි.
භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ
මෙම රෝගයේ ධනාත්මක රෝග ලක්ෂණ මෙන් ම සෘණාත්මක රොග ලක්ෂණ ද ඇතිවිය හැකිය. ධනාත්මක රෝග ලක්ෂණ යනු කාටත් හඳුනාගත හැකි පවුල් ජීවිත අසාර්ථක කරවන ලක්ෂණයි
මෝහය Delusions
එනම් ඔහු මිත්‍යා විශ්වාස හා පදනමක් නැති අදහස් දරයි.යම් අයෙක් විකාරරෑපී අදහස් යථාර්ථයෙන් ඈත් වූ අදහස් ප්‍රකාශ කරයි. එනම් තමන් බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනගේ පාලකයෙක් බව පැවසීම, රාවණා රජුගේ ආත්මයක් බව පැවසීම ම වැනි ඉතිහාසගත විශේෂිත පුදගලයන් අලලා කටයුතු කරයි. තමාව යම් අයෙක් පාලනය කරන බව පැවසීම, තමා අකර්මණ්‍ය අයෙක් බවත් සියල්ල දෙවියන් හෝ යක්ෂයෙක් විසින් පාලනය කරන බව පැවසීම ,
යමක් කිරීමට යම් අයෙක් නියොග කරන බව පැවසීම ආදී රෝග ලක්ෂණ පෙන්වයි.
භ්‍රාන්තිය Hallucinations
එනම් මොවුන් විවිධ ශ්‍රවණ භ්‍රාන්තීන් අත්දකියි. එහිදී විවිධ ආකාරයෙන් ශබ්ද ඇසෙන බව පවසයි. ඝන්ඨාර ශබ්ද, පිරිත් ශබ්ද, යන්ත්‍ර මන්ත්‍ර මතුරන හඬ, අහස් යානා ගමන් කරන හඬ මෙන් එක් එක් ශබ්ද ඇසෙන බවයි. දෘශ්‍ය භ්‍රාන්ති අත්දකියි. එනම් විවිධ දර්ශන පෙනෙන බව පවසයි. විවිධ ගඳ සුවඳ තමාට ග්‍රහණය වන බව පවසයි.
සිතුවිලිවල ව්‍යාකූලත්වය Thought disorder
භින්නෝන්මාද රොගීන් හඳුනාගැනීමේ තවත් ප්‍රධාන රෝග ලක්ෂණ මේ යටතේ පවතියි. සිතුවිලිවල ව්‍යාකූලත්වයක් ඇතිවෙයි. එම නිසාම ඔවුන් ප්‍රකාශ කරන යම් යම් දේ අතර කිසිඳු සබඳතාවක් නොමැත. කතා කරනු ලබන දෙයෙහි අර්ථයක් නොමැත. භින්නෝන්මාද රෝගයේ ඉහළම අවස්ථාවෙහි ඔවුන් වචන කිහිපයක් පමණක් කිසිඳු අර්ථයකින් තොරව පවසයි.
සෘණාත්මක රෝග ලක්ෂණ යනු පහසුවෙන් හඳුනාගත නොහැකි ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ එදිනෙදා පුද්ගල ජීවිතයට විශාල පලපෑමක් කරන්නේ නැත. නමුත් අභ්‍යන්තරික අපහසුතා රැසකට මුහුණ දෙයි. සතුට ප්‍රබෝධය, හැඟීම්, චිත්තවේග ඇතිවන්නේ නැත. එම නිසා සමාජයට මුසුවීමට නොහැකි ය. කාමරයට වී සිටීම, මුළුගැන්වී සිටීමට උත්සහ කරයි. එමෙන්ම එදිනෙදා කාර්යයන් කිරීමට උනන්දුවක් අභිප්‍රේරණයක් නොමැති වීම වැනි ලක්ෂන පෙන්නුම් කරයි.
භින්නෝන්මාදයේ පොදු රෝග ලක්ෂණ වන්නේ
01. තමාට යම් යම් දේවල් කිරීමට බලය ඇතැයි පැවසීම හා ඒ අනුව ක්‍රියාකිරීමට ගොස් විවිධ කරදරවලට මුහුණ දීම . තමාට සාස්තර කීමට යම් අයෙක් බලයක් දී ඇති බව හෝ නියෝගයක් කර ඇති බව පවසා සාස්තර කීමට යාම.
02. තම සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම නාන්නේ නැත. මුහුණ කට සෝදන්නේ නැත. එකම ඇඳුම අදගෙන දිගටම සිටියි.
03. හැඟීම් ප්‍රකාශන පැහැදිලි නැත. දුක, සතුට, ප්‍රබෝධය වැනි හැඟීම් වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම පහසු නැත.
04. මනෝ ලෝකයක තනිව ජීවත් වීම
05. කලහකාරී, නුරුස්නා, ප්‍රචණ්ඩ හැසිරීම් ප්‍රදර්ශනය කරයි. තමාගේ සමීපතමයන් මැරිමට පවා පෙළඹෙයි.
06. තමාට රෝගී තත්ත්වයක් පවතින බවට නඟන ප්‍රකාශ පිළිනොගනියි. ඒ නිසා ප්‍රතිකාර ගැනීමට යොමු වනනේ නැත.
රෝගයේ ප්‍රභේද හතරකි.
සරල ස්වීට්සොප්‍රීනියාව Simple schizophrenia
යොවුන් වියේ මුල් කාලයේ දී මෙම රෝගය හටගනියි. මායා හා දර්ශන මිත්‍යා විශ්වාස නැත. වින්දන ශක්තිය ද උද්යෝගය ද පෞරුෂත්වය ද ක්‍රමයෙන් හීන වෙයි.
යොවුන් ස්වීට්සොප්‍රීනියාව Hebephrenic schizophrenia
වයස අවුරුදු 15- 20 දක්වා පමණ අයට මෙම රෝගය වැළඳේ. මායා දර්ශන, මිත්‍යා විශ්වාස පවතියි. උද්යෝගය හීන වීම, හඬනඟා සිනාසීම, මනෝමය කාරණා ගැන සිත යෙමෙු කරගෙන සිටීම මෙහි රෝග ලක්ෂණ වෙයි.
කැටටොනික් ස්වීට්සොප්‍රීනියාව Catatonic schizophrenia
විසිවියට ආසන්න කාලයේ දී තරුණියන්ට වැළඳෙන රෝගයකි. තම සිරුර පාලනය කරගැනීමට නොහැකියාව, මායා දර්ශන පෙනීම, නිදිබර ගතියෙන් යුක්ත වීම, අර්ථ විරහිත වචන කතාකිරීම මෙහි ලක්ෂණ වෙයි.
පැරනොයිඩ් ස්වීට්සොප්‍රීනියාව Paranoid schizophrenia
වයස 30 පමණ සිට 40 දක්වා කාලය තළ පිරිමි ගැහැනු දෙපාර්ශවයම මෙම රෝගයට බඳුන් වෙයි. හංසාජනක මායා දර්ශන පවා බාහිරයෙන් ඔහු වෙත පැමිණෙන නියෝගයන්ට අනුව ක්‍රියාකිරිමටයාම නිසා නිතර පහර දීමට සූදානමින් සිටින අතර එහෙයින් මෙමෙ රෝගීහු තර්ජනශීලී වෙයි. සියලු දෙනා කෙරෙහි සැකයෙන් ක්‍රියාකරයි. සැවොම ඔහුගේ හසතුරන් ලෙස සලකයි. මෙම රෝගය පිළිබඳව කරන ල පර්යේෂණවලට අනුව සෑම සියය දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ ජීවිතයේ කවර අවස්ථාවකදී හෝ වැළඳිය හැක් බවත් නාගරික පරිසරයන් හි රෝගීන්ගේ වැඩිවිමක් දක්නට ලැපබන බව තහවුරු කරගෙන ඇත. එසේ ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම එක හා සමාන ව වැළඳෙන රෝගයක් ලෙස ද මෙය සැලකේ. එහෙත් කාන්තාවන්ට වැඩිවන අතර පිරිමින්ට අඩු වයසේ දී වැළඳේ. එසේම මෙම රෝගයෙන් පෙළෙන අය අතර සියදිවි නසා ගැනීම ඉහළ මට්ටමක පවතී.
භින්නෝන්මාදය සඳහා ප්‍රතිකාරාත්මක ප්‍රවේශය
භින්නෝන්මාදය සහිත රොගීන් යථාර්ථයෙන් ඈත් ව සිටියි.එහෙයින් මොවුන්ට මනෝ උපදේශනය හෝ මනෝ ප්‍රතිකාරවලට යොමු කිරීම ප්‍රමාණවත් නොවෙයි. භින්නෝන්මාදය රෝග ලක්ෂණ හඳුනාගත් වහාම මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුය. එහිදී ඖෂධ ප්‍රතිකාර නිර්දේශ කරයි. අවශ්‍ය තත්ත්වයවලදී මනෝ උපදේශනය වෙතටද යොමු කරයි. නිසි ප්‍රතිකාරාත්මක ප්‍රවේශය මත මෙම දරුණු මානසිකරෝගය සුවපත් කළ හැකිය.
මනෝ උපදේශනය යටතේ නිවැසියන් මෙන් ම සමීපතමයන් ට ද සමාජ කුසලතා ඇතිකරවයි. එනම් වෙනස්කොට සැලකිම, මානසික රෝගියා, පිස්සා යැයි ලේබල් ගැසීම නොකළ යුතු බවත් ඔහු ආදරයෙන් රැකබලා ගතයුතු ආකාරය පිළිබඳවත් මනෝ උපදේශනය ලබාදෙයි.
R.S.P. Kulathunga
Comments
Post a Comment