ද්විධැව මනෝ අක්‍රමතාවය Bipolardisorder

 ද්විධැව මනෝ අක්‍රමතාවය Bipolardisorder

මෙය සයිකෝෂීය මනෝ අක්‍රමතාවයකි.ද්විධැව මනෝ අක්‍රමතාවය යනු මේනියාව හා විශාදය එකතු වීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් මිලියන 7ක් පමණ ද්විධැව මනෝ අක්‍රමතාවයෙන් පෙළෙන බව පර්යේෂණ වාර්තා පවසයි.

මෙම අක්‍රමතාවයේ විශේෂ ලක්ෂණය වන්නේ උමතුව හා විශාදය චක්‍රයක් ආකාරයට පුද්ගලයාට පීඩාව ගෙන දීමයි. එනම් ඇතැම් අවස්ථාක අධික කලකිරීම, දුක වේදනාව හා කෝපය අත්විඳින අතර තවත් ලඟ ලඟ මොහොතක පුළුල් පරාසයක සතුටක් අත්විඳියි.එම නිසාම එදිනෙදා ජීවිතය තුළ දෛනික කාර්යයන් යාමට සහ සමාජ සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට මොවුන් අපොහොසත් වෙති.

ඒ අනුව ද්විධැව මනෝ අක්‍රමතාවයේ ප්‍රධාන ආකාර දෙකකි.

1. අධික සතුටට පත්වීම

2. අධික දුකට කලකීරිමට පත් වීම

මුල් ස්වභාවය මේනියා/ උමතු අංශයයි.දෙවන අංශය විශාද අංශයයි.

අධික සතුට⁣ට පත් වූ විට

1. ඉතා ඉහළ ආත්ම අභිමානයක් ඇත.

2. වේගවත්ව කතා කරයි. එක් කරුණක් කතා කොට අවසන් කිරීමට පෙර තවත් කතාවක් ගනියි.

3. මනෝ භාවයන් පැහැදිලි නැත

4. ඕනෑම කාර්යයක් කිරීමට තැන නොතැන නොබලා ඉදිරිපත් වෙයි.

5. අවධානය ඉතා හීනයි

6. ලංගික ආශාව වැඩි වෙයි. එම නිසාම විවිධ ව්‍යබාධ වලට පවා ගොදුරු වීමට සිදුවෙයි.

ඉතාම ලඟ මොහොතක විශාද අංශයට ද පත්වෙයි. එවිට,

1. හඩයි

2. කලකිරීමකින් සිටියි

3. කිසිම ක්‍රියාශීලි ගතියක් නැත

4. නින්ද නොලබයි.මෙය උමතු අංශයටද පොදුය. ඉතාම කෙටි නින්දක් ලබයි

5. කෝපය හා නුරුස්නා ස්වභාවය අඩුය.

6. සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවෙයි.

විශාද අංශයේ සිටින විට තදබල විකාරරෑපී ස්වභාවයක් සහ ව්‍යාකූල ස්වභාවයක් පිටතට නොපෙනෙයි. එයට හේතුව දුකින් පසකට වී කල් ගෙවීමයි.

ඇතැම් විට එම තත්ත්වය  සාමාන්‍ය ස්වභාවයට පැමීණීමක් යැයි සාමාන්‍ය සමාජය හඳුනාගන්නා අවස්ථාවන්ද ඇත. නමුත් එය කිසිසේත්ම එසේ නොවෙයි. රෝගියා අධික වේදනාත්මක මනෝභාවයක් අත්විඳියි.

මේ මනෝ අක්‍රමතාවය සුව කළ නොහැකි ද ?

මෙය උග්‍ර මානසික රෝගයකි. භින්නෝන්මාදය සහ ද්විධැව මනෝ අක්‍රමතාවය දරුණුතම මනෝ අක්‍රමතා ද්විත්වය වෙයි. අතීත සමාජය තුළ පමණක් නෙවෙයි වත්මන් සමාජයේ පවා මෙය යම් කිසිනොපෙනෙන බලවේගයක්, භූත බලවේගයක් නිසා ඇතිවෙන බවට විශ්වාස කරයි. නමුත් කිසි විටකත් එසේ නොසිතන්න. රෝගියා අධික සතුවෙන් සිටියද අධික දුකින් කලකිරීමකින් සිටියද දැඩි මානසික වේදනාවකින් පසුවෙයි. දරා ගැනීමට නොහැකි තරම් එය ප්‍රබලයි. සිය දිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවන්නේ එවැනි අවස්ථාවාවන් වලදී.

එහෙයින් මෙවැනි රෝගියෙක් වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙතට යොමුකළ යුතුය. ඖෂධ ප්‍රතිකාර ගැනීම අනිවාර්යය වෙයි. ඒ අතරතුර සුවපත්භාවය වේගවත් කිරීම සදහා මනෝඋපදේශනය හා මනෝචිකිත්සා සිදුකල හැකිය. මෙම ප්‍රතිකාර මත සුව නොවන්නේ නම් එනම් තත්ත්වය දරුණු නම් විද්‍යුත් ප්‍රතිකාර කිරීමට මනෝවෛද්‍යවරුන් නිර්දේශ කරයි.

අධික මානසික ආතතිය වීශාදීය මට්ටමක් වෙත යොමු වී නිසි ප්‍රතිකාර වෙත යොමු නොවූ කල් හි මෙවැනි දරුණු ද්විධැව මනෝ අක්‍රමතාවය හා වෙනත් දරුණු අක්‍රමතා දක්වා ගමන් කරයි.එහෙයින් නිරන්තරයෙන් ඔබගේ මානසික  සෞඛ්‍ය සහ නිසි මනෝ ප්‍රතිකාර කෙරෙහි සැලකිලිමත් වෙන්න.


https://psychologytipsforyou.blogspot.com/2020/11/bipolardisorder.html




Comments