මංගල පෝරුවේ අෂ්ඨක ගායනයේ දී ක්ලාන්ත වී ඇදවැටෙන්නේ ඇයි ?

අපගේ ජීවිතයේ දෙවන උපත ලෙස විවාහය හඳුන්වයි. විවහ ගිවිස ගැනීම එතරම්ම ඕනෑම තරුණ තරුණියකගේ ඉදිරි ජීවිතය කුමන ආකාරද යන්න තීරණය වීම එයට හේතුවයි.විශේෂයෙන්ම කාන්තාවන් වන අපගේ ජීවිත⁣යේ දුක හෝ සතුට තීරණය වන්නේ විවාහයෙන් පසු ජීවිතයෙන් බව අමුතුවෙන් කිව යතු කාරණාවක් නොවේ.
විවහ දිනය එතරම්ම තරුණ තරුණියන්ගේ ජීවිතයට වැදගත් වෙයි.
විවහ දිනයේ කාගෙත් අවධානය දිනගන්නා මංගල අංගය වන්නේ මනාලයා සහ මනමාලිය විවාහ මංගල පෝරුවට ගොඩ වැදිමයි. මංගල පෝරුව නමැති නැකත් චාරිත්ර ලාංකේය සංස්කෘතිය තුළ විවාහ⁣යේ ප්රධාන අංගයක් ලෙස සමාජය විසින් නිර්මාණය කර තිබීම එයට හේතුවයි. එවැනි පසුබිමක් තුළ මංගල පෝරු වෙත ගොඩ නැගුණු විට කන්යා ස්ත්රියක් නොවේ නම් අෂ්ඨක ගායනා කිරීමේදී ක්ලාන්ත වී ඇද වැටෙන බවට සමාජමය වශයෙන් විශ්වාසයක් පවතී.
මෙලෙස යම් හේතුවක් මත ඇය මංගල පෝරුවේදී ක්ලාන්ත වී ඇද වැටුණොත් ඇය ඇරඹීමට යන නව උපත එදිනම විනාශ මුඛයට පත්වෙයි.
එසේ නම්,

දෙවන තෙවන වර විවාහ වූ කාන්තාවන් නැවත විවාහයක් කර ගන්නා විට මඟුල් පෝරුවේ අෂ්ඨක ගායනයේ දී ක්ලාන්ත වී ඇද වැටෙන්නේ නැති ද ?

තමා විවාහ වන පුරුෂයා සම ඟපූර්ව ලිංගික සබඳතා පවත්වා ඇත්නම් මංගල පෝරුවේ දී ඇද වැටෙන්නේ නැති ද ?

කුඩා කල හෝ යම් ලිංගික අතවරයකට පත් තරුණියක් මංගල පෝරුවේ දි ක්ලාන්තය වී ඇද වැවෙන්නේ නැති ද ?

මේ සමාජමය වශයෙන් මේ සම්බන්ධව පවතින ප්රශ්න කිහිපයකි .
සැබැවින්ම මෙලෙස තරුණියක් මංගල පෝරුවේදී ක්ලාන්තය වී ඇද වැටෙන්නේ කන්යා ස්ත්රියක් නොවන නිසාද ? පිළිතුර නැත යන්නයි.එයට පුද්ගල කායික සහ මානසික සාධක පමණක් හේතු වෙයි.
මෙහි මනෝවිද්යාත්මක පදනම පිළිබඳව සාකච්ඡා කිරීමේ කිරීමෙන් ඒ පිළිබඳව අවබෝධය ලබාගත හැකිවේ.

A ක්රියාත්මක පවතින සිදුවීම මංගල රාත්රියට පෙර රාත්රීයයි.
B ක්රියාත්මක සිද්ධිය පිළිබඳ අතාත්වික විශ්වාසය වන්නේ මා මීට පෙර පුරුෂයෙක් සමඟ ලිංගික සම්බන්ධතා     පැවැත්වූ නිසා මා මංගල පෝරුවෙන් ඇද වැටේ යන විශ්වාසයයි.
C මෙහි සෘනාත්මක ප්රතිඵලය මංගල පෝරුවේදී ක්ලාන්ත වී ඇද වැටීමයි.

මෙලෙස මිනිසුන් තුළ අතාත්වික විශ්වාස ඇතිවීමට හේතු වන්නේ මිනිසුන් විසින් වැරදි ලෙස සිදු කරනු ලබන උපකල්පන වේ. කන්යාවක් නොවේ නම් මංගල පෝරුවෙන් ක්ලාන්ත වී ඇද වැටේය යන විශ්වාසය තරුණ මනසට සමාජය විසින් කාවද්දා තිබීමයි. එම අතාර්කික විශ්වාසය නිසා යථාර්ථවාදී නොවන සිතුවිල්ලක් තරුණ මනසේ නිර්මාණය වී පවතී.
නිදසුනක් ඇසුරින් එහි මනෝවිද්යාත්මක පදනම මෙලෙස පෙන්වා දිය හැකිය.
අමාලි යනු ගැටලුවක් සහිත තරුනියකි. ඇයගේ විවාහ දිනය ආසන්නය. ඇය සෑම විටම තමාගේ විවාහ දිනය සම්බන්ධව කාංසා සහගතව සිටින්නේ ය. ඇය මංගල පෝරුවේදී ඇදවැටෙන ආකාරය සිහිනයෙන් දකියි. කිසිදු විනෝද කටයුත්තක නිරත වන්නේද නැත. ඇයට සුවදායි නින්දක් ලැබෙන්නේ ද නැත. නිසි පරිදි ආහාර ලබා ගන්නේද නැත. මංගල දිනයට කොතරම් හොඳින් සූදානම් වුවත් හිස් බවක් දැනයි. ඈ සිතූ ලෙසම මංගල පෝරුවේ දි ක්ලාන්තය වී ඇද වැටේ.
මනෝ විද්යාත්මක වශයෙන් ඇගේ විශ්වාසයන්වල අන්තගාමී බවත් අතාර්කික බවත් පැහැදිලිය.
මනෝවිද්යාත්මක පදනම අනුව පෝරුවේදී ක්ලාන්ත වීම පෙර පැවැත්වූ ලිංගික සබඳතා නිසා කන්යාභාවය අහිමි වීම නිසා නොව තමා මංගල පෝරුවේදී ඇද වැටේය යන මනසේ ඇති විශ්වාසය නිසාය. මනෝවිද්යාත්මක පදනම අනුව කය මනස වශයෙන් එකිනෙකට අන්යෝන්ය වශයෙන් බලපායි. තීරණාත්මක විභාගයට මුහුණ දෙන අවස්ථාවක ඇතිවන බිය නිසා ශරීරය වෙව්ලීම, බඩ රිදීම් ඇති වන්නේ ඒ නිසාවෙනි. ඇය ආහාර නොගෙන නිදි වර්ජිතව අධික මානසික පීඩනයෙන් සිටීම තුළ ශරීරය දුර්වල වී ක්ලාන්ත වීම සිදුවෙයි.
මෙවැනි ආතාර්කික විශ්වාසයන්ට අභියෝග කරමින් බැහැර කොට ධනාත්මක සුබවාදී චින්තනයක් ඇති කිරීමට මනෝ විද්යාවේ න්යාය ප්රායෝගික භාවිත කළ හැකිවේ.
ප්රජානනය ප්රතිව්යුහගත කිරීම මත පදනම් වූ මෙවැනි යථාර්ථවාදී නොවන විශ්වාසයන් නැති කිරීමෙන් ජීවිතයට නොබියව මුහුණ දීමේ මාර්ගය එළිපෙහෙළි කරගත හැකියි.
01 අතාර්තික සිතුවිලි හඳුනාගැනීම
02 සෘණාත්මක සිතුවිලි වලට අභියෝග කිරීම
03 අතාත්වික සිතුවිලි ඉවත් කිරීම
04 යථාර්ථවාදී ධනාත්මක සිතිවිලි ඇති කිරීම
මෙහිදී සිදු කරයි.
අගතියට පත් පාර්ශවයන් විසින් මෙවැනි භීතිකාවන් සහිත ගැටළු විශාල ප්රමාණයක් මනෝ උපදේශකවරුන් වෙත යොමු කරයි.
+ ලිංගික අතවරයට ලක් වූ දැරියන් සම්බන්ධව
+ පෙර ප්රේම සබඳතා වලදී ලිංගික ක්රියාවන්හි නිරත වූ තරුණියන්
+ පළමු විවාහය අසාර්ථක වී දෙවන විවාහය අපේක්ෂා කරන තරුණියන්
    ඒ අතර වේ.
මෙවැනි සමාජමය අතාර්කික විශ්වාසයන් නිසා ඔබේ හෙට දවස ගැන ඔබ මානසික පීඩාවෙන් විඳිවිය යුතු නැත. තමාට මානසික වශයෙන් තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කර ගනිමින් කායික වශයෙන් අවශ්ය ශක්තිය ලබා ගැනීම පමණක් ප්රමාණවත් වේ.
මෙම ලිපියේ අරමුණ කන්යාභාවය සහ මංගලපෝරුව අතර සබඳතාක් නොමැති නම් තමාට සිතු සේ ලිංගික සබඳතා ඇති කරගනිමින් සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නොවේ. මංගල පෝරුව නව යුවලට සශ්රීකත්වය ලඟා කර දෙන බවත් වස් දොස් දුරු කරන බවත් සම්ප්රදායික සමාජය විශ්වාස කරයි. එසේ නමුත් අෂ්ඨක ගායනා කරන්නා මත්පැන් පානය කොට මස් මාළු අනුභව කර සතර වරම් දෙවි වරුන්ගෙන් ආරක්ෂාව සෞභාග්යය ලඟා කර දෙන්න යැයි ඉල්ලා සිටින්නේ කුමන පදනමකින් ද යන්න නම් ගැටලුවකි.මෙය වෙනම සාකච්ඡා කළ යුතු පැතිකඩක් යැයි සිතමි.
මෙහි මූලික අරමුණ යම් හෙයකින් පුද්ගල මනසේ නිර්මාණය වී ඇති යථාර්ථවාදී නොවන විශ්වාසන් බැහැර කිරීම පමණි. මෙහි මනෝවිද්යාත්මක පදනම මෙසේ වුවත් කාන්තාවක් සදාචාර සම්පන්න විය යුතුය. සමාජමය වශයෙන් අගතියට පත් පාර්ශවයක් හැරෙන්නට තරුණියන් පූර්ව විවහ සබඳතා පවත්වන්නේ නම් සහකරු අතිශයින් විශ්වාස පමණක් විය යුතුය.එසේ නොවේ නම් ඔබට වේදනාත්මකව හා ස්වයං විවේචනාත්මකව ජීවිත කාලය ගත කිරීමට සිදුවේ.වේදනාත්මක සුසුම් වාතලයට මුසු කර හද සැහැල්ලු කර ගැනීමට සිදුවේ.
නමුත් මෙවැනි අවස්ථාවන්ට මුහුණ දී යම් අයෙක් හා බියෙන් හා පසුතැවිල්ලෙන් පසු වේ නම් ඉදිරි ජීවිතයට අතීතය බාධාවක් කර නොගත යුතුය. අතාර්කික විශ්වාසයන් බැහැර කරගත යුතුය. සුභවාදී චින්තනයක් ඇති කර ගත යුතුය. මනස සන්සුන් කරගනිමින් ශාරිරික ක්රියාවලිය සමඟ සන්නිවේදනය නිවැරදි කර ගනිමින් අධ්යාත්මික සුවයෙන් හා සදාචාර සම්පත්තියෙන් යුතු ජීවිතයකට පියනැගීම සිදුකල යුතුය.
Image may contain: one or more people

Comments

Popular Posts