ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට !

 අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකෙමු

උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීමේ ප්‍රධාන අරමුණ අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකී ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමයි.රිසිලෙස නිසිකළ දරුවන් ලැබ සතුටින් ලැබ සතුටින් කල් ගෙවීම සඳහා සුදුසු විශ්වාසදායී උපත්පාලන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. වර්තමානයේ පවතින සංකීර්ණ සමාජ ආර්ථික ක්‍රමය සමඟ විවහයට පූර්වයෙන් පෙම්වතුන් අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම සිදුවන නමුත් විධිමත් උපත් පාලන ක්‍රමයක් අනුගමනය නොකිරීම නිසා ඇතිවන ගැබ්ගැනීමෙන් පසුකාලීන ව මානසික පිඩනයට ගොදුරු වීමට සිදුවෙයි. ප්‍රේම විවහ සම්භන්ධතාවය බිඳ වැටීම, දෙමාපිය ප්‍රතික්ෂේප කිරීමිවලට මුහුණ දීමට සිදුවීම, අද්‍යාපන කටයුතු බිඳවැටීම,
ප්‍රේමවතුන් නොරිස්සීම වැනි පසුකාලීන සෘනාත්මක වෙනස්කම් රැසකට මුහුණ දීමට සිදු වෙයි. පුර්ව ප්‍රසව වීශාදීය මට්ටමක් ඇති වීම දක්වා මානසික පීඩනය උග්‍ර විය හැකිය. එහෙයින් පුර්වයෙන් දැනුවත් වීමෙන් සූදානම මත ලිංගික සම්බන්ධතා පවත්වා ගැනීම ප්‍රීතිමත් ලිංගික ජීවිතයකට හේතුවෙයි.
මසකට වරක් ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂයෙන් එක් ඩිම්බයක් බැඟින් නිකුත් කරන අතර එම ඩිම්බය පැලෝපීය නාලය තුළින් ගර්භාෂ දෙසට ගමන් කරයි. ලිංගික එක් වීමකදී පුරුෂයා විසින් ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ශුක්‍ර තරලය මුදා හරිනු ලබයි.යෝනි මාර්ගය මතට ශුක්‍ර තරලය මුදා හැරීම වු විට ගැබ් ගැනීමේ යම් අවධානමක් පවතියි. එම තරලයේ අඩංගු ශ්‍රකානුවක් හා ඩිම්බය පැලොපීය නාලයේ දී සංසේවනය වෙයි. සංසේචිත ඩිම්බය ගර්භාෂය වෙත ගමන් කොට එහි තැන්පත් වීමෙන් පසු දරුවෙක් ලෙස වැඩෙයි.
උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීමේ දී ස්ත්‍රී බීජය පුරුෂ බීජයක් සමඟ එක්වීම වළක්වයි. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් ඇති නොවෙයි.එම නිසා යම් ආනාරක්ෂිත ලිංගික එක් වීමකට පෙර තමාට වඩාත් සුදුසු උපත්පාලන ක්‍රමයක් දෙපාර්ශවයේ ම කැමැත්ත මත භාවිතා කිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්වලින් වැලකීමටත් පසුකාලීනව මානසික පීඩනයට ගොදුරු නොවීමටත් හැකිය.පහත ක්‍රම ඒ සඳහා ඔබට උපකාර වෙයි.
කොන්ඩමය - මෙය වඩාත් ජනප්‍රිය උපත්පාලන ක්‍රමයයි. පුරුෂයාගේ ශිෂ්ණය සම්පූර්ණයෙන් වැසෙන සේ පළඳින තුනී රබර් කොපුවකි.සංසර්ගයයේ දී යෝනි මාර්ගය හා ස්පර්ශ වීමට පෙර ප්‍රාණවත් ශිෂ්ණය සම්පූර්ණයෙන් වැසෙන සේ කොන්ඩමය පැළඳිය යුතුවෙයි. ශුක්‍ර තරලය යෝනිමාර්ගයට නොවැටී කොන්ඩමය තුළ එකතුවන නිසා ශ්‍රකාණු ඩිම්බය සමඟ එක්වීම නොවෙයි. නිසිලෙස භවිතා කිරීමේ දී සාර්ථකත්වය 99.% කටත් වඩා වැඩිය. මෙහි ඇති තවත් වාසියක් වන්නේ වෛද්‍ය අනුමැතිය ක් අවශය නොවීම හා පහසුවෙන් ෆාමසි, සුපිරි වෙළඳසැල්වලින් ලබා ගත හැකිවීම සහ ඒඩ්ස් ඇතුලු ලිංගාශ්‍රිත ව බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට හැකි වීමයි. කොන්ඩමය ඉරී යාමකට සිදුරු වීමකට ලක් වුවහොත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. නමුත් ඇතැම් විට පුරුෂ පාර්ශවය මෙයින් ඔවුන්ට ලැබිය හැකි ලිංගික තෘප්තිය හීන වන බව විශ්වාස කරන හෙයින් මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කරයි.
මිතුරි ගිලින පෙති - ගිලින පෙති අතුරින් වඩිත් හාවිතා වන පෙති වර්ගය මෙයයි. ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝමෝනවලට සමාන දව්‍යයක් ගිලින පෙති වල අඩංගු වෙයි. එක් පැකට්ටුවක අඩංගු පෙති 28 දිනකට පෙත්ත බැගින් දිනපතා නොකඩවා ගත යුතුවෙයි. ආර්තවය ආරම්භ වී පලමු දිනයේ සිට ආරම්භ කළ යුතුය. පැකැට්ටුවේ ඊතලය මඟින පෙන්වන දිශාවට අනුව නැවත ආර්තවය ආරම්භ වන තෙක් භාවිත කළ යුතුය. රාත්‍රියේ දී එක ම වේලාවකදී පෙත්ත භාවිතා කිරීම සුදුසු ය.යම් විදියකින් ලබා ගැනීම අමතක වූයේ නම් ඊළඟ දිනයෙ දී පෙති දෙකක් ගැනීම අවශ්‍ය බව උපදෙස් පත්‍රකාවේ සඳහන් වෙයි. නමුත් පසුවනදා ලිංගික එක් වීමක් සිදුකරන්නේ නම් කොන්ඩමයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වෙයි. නිසි ආකාරයට භාවිතා කිරිමක දී සාර්ථකත්වය 99.% වැඩිය. ඩිම්බ මේරීම හා පිටවීම වළක්වන නිසා ශ්‍රකාණු කෙතෙක් ඇතුල් වුවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවෙයි. දරුවෙකු අපේක්ෂා කරන විට භාවිතා කිරීම නතර කල හැකිය.
ඩිපෝ ප්‍රෝවේරා එන්නත - ප්‍රෙජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝමෝනයට සමාන ද්‍රවයක් ඩිපෝවේරා නික්ෂේපනයේ අඩංගුය.දින 80-90 කට වරක් නොකඩවා නික්ෂේපනය ලබාගත යුතුය.ඩිම්බ මේරීම සහ පිටවීම වලක්වන නිසා ශ්‍රකාණු කොතෙක් ඇතුල් වූවත් පිළිබඳ ගැනීමක් ඇති නොවෙයි. මෙහි සාර්ථකත්වය 99%කටත් වැඩිය.දින 90කට වරක් ගන්නා නිසා පාවිච්චිය පහසුය.අවශ්‍ය වූ විට නික්ෂේපනය ගැනීම නතර කිරීමෙන් මාස 5-6 කට පසු දරුපිළිසිඳ ගැනීමක් ඇතිකරගත හැකිය.
නොර්ප්ලාන්ට් තැන්පතුව - ප්‍රොජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝමෝනයට සමාන ද්‍රවයක් මෙම කරල් තුළ අඩංගුය. ස්ත්‍රියගේ උඩ බාහුවේ සමට යටින් කුඩා කරල් 6ක් තැන්පත් කෙරෙයි.ඩිම්බ මේරීම හා පිටවීම වළක්වන නිසා ශ්‍රකාණු කෙතෙක් ඇතුල් වුවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවෙයි.සාර්ථකත්වය 99% පමණ වෙයි. අවු: 5ක් දරු ප්‍රසූතිය ප්‍රමාද කරයි.ඒ අතරතුර දරුවෙක් අවශ්‍ය නම් කරල් ඉවත් කර ගත හැකිය . මෙය ලංකා⁣⁣වෙ රෝහල් පද්ධතිය තුළ අවිවාහක යුවල් සඳහා හාවිතයට නැත.
ලූපය - මෙය කුඩා ප්ලාස්ටික් නිපැයුමකි.ස්ත්‍රියගේ ගර්භාෂය තුළ මෙය තැන්පත් කරනු ලැබෙයි.ලූපය ගර්භාෂ තුළ තිබීම මඟින් ශුක්‍රානුවල ගමන අඩාල කරයි.තව ද ඩිම්බය හා ශුක්‍රානුව සංසේවනය වීම වලක්වයි.සාර්ථකත්වය 98%ක් පමණ වෙයි.අවිවාහක කාන්තාන්ට භාවිතායට සුදුසු නැත
දින දර්ශනය ක්‍රමය- ඩිම්බය පිටවීමට ඉඩ ඇති කාලය සොයා ගැනීමෙන් ඒ කාලය තුළ සංසර්ගයෙන් වැළකී සිටීම කරයි. ස්ත්‍රියගේ පසුගිය ඔසප් වක්‍ර 6 ක පමණ හටහනකින් ඩිම්බය පිටවීමට ඇති කාලය සොයා ගනු ලැබෙයි.ඩිම්බය පිට වීමට ඉඩ ඇති කාලය තුළ සංසර්ගයෙන් වැළකී සිටීම හෝ රබර් කොපු පාවිච්චිය කිරීම මඟින් පිළිසිඳ ගැනීම නැති කරගත හැකිය. සාර්ථකත්වය 80%ක් පමණ වෙයි. කුමන හොා් හේතුවක් මත වෙනත් ක්‍රමයක් භාවිතා කිරීමට අපහසු අයෙක්ට මෙය භාවිතා කළ හැකිය.
ස්ත්‍රී පවුල් සැලසුම් සැත්කම (එල් . ආර්.ටී )- ඩිම්බ කෝෂයෙන් මුදා හරින ඩිම්බය ගර්භාෂය වෙත ගෙන යන පැලෝපීය නාල අවහිර කිරීම වෙයි. නාභියට පහළින් හිරි වට්ටවා සමෙහි සුළු කැපුමක් කිරීමෙන් පැලෝපීය නාල අවහිර කරනු ලැබෙයි. සාර්ථකත්වය 99% කට වැඩිය.නැවත පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන අයට තෘප්තිමත් ලිංගික ජීවිතයකට හේතු වෙයි
පුරුෂ පවුල් සැත්කම (වාසෙක්තම්) - වෘෂණ වල සිට ශුක්‍රානු ගෙන යන ශුක්‍ර නාල අවහිර කිරීම වෙයි. වෘෂණ කෝෂවල දෙපැත්තෙහි සමෙහි කුඩා කැපුමක් කිරීමෙන් ශුක්‍ර නාල අවහිර කරනු ලැබෙයි. සාර්ථකත්වය 99% ක් පමණ වෙයි.
සටහන - සෞඛ්ය අමාත්යාංශයේ සෞඛ්ය අධ්යාපන කාර්යංශයේ උපදේශන සේවාව ඇසුරෙනි.
Image may contain: one or more people

Comments