දවල්ට නිදාගන්නවද ? [කෙටි නින්ද]

 ඔබ දවල් කාලයේ කෙටි නින්දක් ලබනවාද ?

දෛනික ජීවිතය තුළ දී ඔබ නිදාගත යුතු කාල ප්‍රමාණයක් ඇත.

1. වයස අවුරුදු 5-12 නම් පැය 11 න නින්දක් ලැබිය යුතුය

2. වයස අවුරුදු 13- 19ත් අතර ඔබ පැය 8- 9 ත් අතර කාලයක් නිදාගත යුතුය.

3. වැඩිහිටියෙක් නම් පැය 7-10ත් අතර ප්‍රමාණාත්මක නින්දක් ලැබිය යුතුය. 

නමුත් මතක තබාගන්න.ඔබ මේ ලබන නින්⁣දෙහි ප්‍රමාණාත්මක බව මෙන් ම ගුණාත්මක බවද වැදගත් බව. විටින් විට බාධාකාරී⁣ වෙමින්, ඇහැරෙමින්, තවත් වැඩදහසක් මනසෙහි තබාගෙන,ඉටු කරගැනීමට නොහැකි වූ දෛනික කාර්යයන් ගැන සිතමින් ලබන නින්ද ගුණාත්මක නින්දක් වන්නේ නැත.

වත්මනය වන විට නිර්මාණය වී ඇති අධික කාර්යයබහුලත්වය සමඟ නින්දට වැඩි අවධානයක් ලබා නොදෙන බව පෙනේ. පැය කිහිපයක් ශරීරයේ දැනෙන අධික වෙහෙස මත නිදා ගන්නවා හැරෙන්නට මානසික සුවය,මානසික පීඩනය, මානසික සුවතාවය පිළිබඳ සිතා නින්දට පත්වනන්ට පෙළඹෙන්නේ නැත. නමුත් ඔබ මතකයේ තබා ගන්න, නින්ද ඔබේ ආතතිය කළමනාකරණය කොට ජීවිතය ඵලදෘයී සාර්ථකත්වයක් කරා මෙහෙයවීමට මග පෙන්වන බව. සුවපහසු නින්දක් සඳහා ඔබේ කාමරයේ අනවශ්‍ය සියලු දෑ ඉවත් කොට ක්‍රමවත් ව තබා ගන්න. දවහල් කාලයේ හොඳින් වාතාශ්‍රය හා හිරු එළිය ලැබෙන්නට ඉඩ හරින්න. සුවදායී නින්දක් සඳහා මේ සියල්ල ඔබට ඵලදෘයී වේව්.

දවහල් කාලයේ කෙටි නින්දක් ලැබීම හොඳ ද නරක ද ?

දවහල් කාලය තුළ ඔබ අධික කාර්යයබහුල නැතිනම් කෙටි නින්දක් ලබන්න. ඇත්ත වශයෙන් ම මෙය කාලය කා දැමීමක් හැටියට ඇතමුන් හැඳින්වූවත් එය එසේ නොවෙයි. නින්ද පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් පවසන්නේ

1. විනාඩි 10-30 ත් අතර කෙටි නින්දක් ලබාගෙන අවදිවීමෙන් ප්‍රබෝධමත් ලෙස දවසේ ඉදිරි වැඩ කටයුතු කරගත හැකිබවයි.

2. විනාඩි 60ක් එනම් පැයක පමණ කෙටි නින්ද අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට වඩාත් සුදුසු වෙයි.මේ  නින්දේ දී කෙටි කාලීන මතකයේ යම් පිබිදීමක් ඇතිවන බව පරීක්ෂකයන්ගේ අදහස වෙයි.

3. විනාඩි 90 -110ක් නිදා ගැනීම යනු එක් නිදි චක්‍රයක් සම්පූර්ණ කිරීම වෙයි. නින්ද ඇති වන්නේ චක්‍රයක් ආකාරයයි. එහිදී නින්දට වැටෙන අවධියේ සිට අවධීන් හතරක් පසු කොට නැවත එම අවධීන් පිළිවෙළින් 4 3 2 1 ලෙස පැමිණ REM නින්ද හෙවත් අක්ෂි චලනය වන නින්දට පත් වෙයි. අප රාත්‍රීයේ දී මෙවැනි නිදි චක්‍ර 4,5 ප්‍රමාණයක් පසු කරයි. REM නින්ද යනු,  නින්දේ ක්‍රියාකාරීම කාලය වෙයි. මෙළයේ ක්‍රියාකාරීත්වය වේගවත් වන අතර ඉච්ඡානුග පේශීන්හි ක්‍රියාකාරිත්වය අඩු වී ශරීරය අඩපණ වෙයි. මුල් නිදි චක්‍රයේ ඇතිවන REM නින්දට වඩා ඊළඟ නිදි චක්‍රයේ ඇතිවන REM නින්ද වැඩිය.

ඒ අනුව දවහල් කාලයේ කෙටි නින්දක් ලැබීම ශරීරයට අහිතකර තත්ත්වයක් නෙවෙයි. නමුත්

දවහල් කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම යනු පැය ගණනක සිට  වැඩකටයුතු මඟහරිමින් ලබන නින්දක් බවට වරදි වැටහීමක් ඇති කරනොගන්න


https://psychologytipsforyou.blogspot.com/2020/11/blog-post_6.htm




Comments