කොච්චර පාඩම් කරත් මම විභාගයට තවම සූදානම් නැහැ කියල හිතෙනවද ? [ පරීක්ෂණ ක්ලමථය ( විභාග කාංසාව)]
පරීක්ෂණ ක්ලමථය ( විභාග කාංසාව)
විභාග කාංසාව යනු විභාගයට පෙර ඉගෙනගත් තොරතුරු ඵලදායී ලෙස විභාගයේ භාවිතා කිරීම වලක්වන සාර්ථකත්වය අඩුවීමට හේතවන මානසිකමය තත්ත්වයකි. විභාග කාංසාව ඉගෙනීමට මෙන්ම අපේක්ෂිත ප්‍රතිඵල ලැබීමට බාධාවකි. විභාගයකට පෙර ඕනෑම අයෙක් යම් මානසික තිගැස්මකට ලක් වීම සාමාන්‍ය වෙයි. නමුත් එය විභාගයට මුහුණ දීමේ හැකියාව හෝ විභාග ප්‍රතිඵලය මෙන් ම එදිනෙදා ජීවිඅපවත්වාගෙන යාමට බාධාවක් ඇති වේ නම් එම තත්ත්වය විභාග කාංසාව ලෙස හැඳින්වෙයි.
මොනවද විභාග කාංසාවේ අහිතකර ප්‍රතිඵල ?
1. උගත් තොරතුරු හොඳින් කළමනාකරණය කරගැනීමට නොහැකි වීම
2. සිතුවිලි සංවිධානය කරගැනීමට නොහැකි වීම
3. මානසික හා කායික දරා ගැනීමේ හැකියාව හීන විම
4. විභාගයේ දී ශරීර ශක්තිය ගිලිහි යනවා මෙන් දැනීම
5. කාංසාමය තත්ත්වය උග්‍ර වී විශාදයට පත්වීම
සිසුන් තුළ විභාග කාංසාව ඇතිවීමට බලපාන ප්‍රධානම සාධකයක් හැටියට යථාර්ථවාදී නොවන සෘනාත්මක සිතුවිලි ඇති කරගැනීම පෙන්වා දිය හැකිය. මොනවද මේ සිතුවිලි ?
• මම ඉගෙනීමට දක්ෂ කෙනෙක් නෙවෙයි
• මට ගණිතය විෂය බැහැ
• මට කිසිම දෙයක් මතක තියාගන්න බැ
• විභාගයේදී යම් නරක දෙයක් සිදුවේවි
• විභාග දිනයේ මම අසනීප වෙයි
• අනිත් අය මට වඩා දක්ෂයි
• මම ටියුෂන් යන්නේ නැත නිසා මට පාස්වෙන් බැ
මෙවැනි සෘනාත්මක අදහස් පවතිනවිට සිදුවන්නේ එම අදහස් ක්‍රියාත්මක වීමයි. මෙවැනි අදහස් දැරුවද මේ දරුවෝ අදක්ෂයන් නොවෙයි. නමුත් මෙවැනි සෘනාත්මක සිතුවිල්ලක් මනසට ගිය ටිට එය ක්‍රියාත්මක වීම මනසේ ස්වභාවයයි.
අධ්‍යාපන මනෝවිද්‍යාඥ ප්‍රෙස්කොට් ලෙකී පවසන ආකාරයට තමා දක්ෂ නොවන බව සිතීම නොකළ යුතුය. මෙවැනි අදහස් දැරුවද ඔවුන් අදක්ෂයන් නොවෙයි. ඔවුන්ට මේ අවබෝධය නැති නිසා මෙවැනි අදහස් දරයි."මට බැරි වේවි " "මම අසමත් වේවි" " මම වැරදි" යන සැකය මත අපේක්ෂාභංගත්වය ඇති වන්නේ තමා සතුව ප්‍රමාණවත් ආත්ම අභිමානයක් නොමැති විටයි. එම නිසා දරුවන් තුළ මම සමත් වෙනවා මම කොහොමහරි ජයගන්නවා වැනි ධනාත්මක සිතුවිලි ඇතිකරගත යුතුය. එවිට ඔවුන් සතුව ඇති සෘණාත්මක ප්‍රතිරූපය ඉවත් කළ හැකිය.
දෙමාපියන් මෙහි අනිවාර්යය පාර්ශවකරුවන්ය. දරුවන් තුළ අනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාව, කේන්තිය සහ අධික තරඟකාරීත්වය ඇතිකරවයි. අනෙක් දරුවන් සමඟ සන්සන්දනය කොට දරුවාට බලපෑම් කරවයි. එවිට දරුවාගේ ආත්ම අභිමානය පහළ වැටෙයි. එවිට කොතරම් පාඩම් කලද කරුණු මතකයේ නොසිටීම, අවධානය කෙන්ද්‍ර කරගත නොහැකි වීම, සහ තමා අදක්ෂ බව සිතමින් කාංසාවට පත්වෙයි.
ඒ වගේම ඔබ විභාගයට මුහුණ දීමට ආසන්න කාලය වනවිට සෘනාත්මක වචන මුවින් පිට කරන්න එපා !
• A සාමාර්ථ නම් නැතිවෙවි
• පාස්වෙයිද දන්නෙ නැහැ
• එච්චර ලකුණු නම් නැහැ
මෙවැනි වචන ඔබගේ මනස අහිතකර ආකාරයකින් බාරගනියි. මෙවැනි දේ පවසන්නට සිදුවන්නේ ඔබ අනවශ්‍ය සාමාජ සම්බන්ධතා පවත්වන්නට යාම නිසා. ඒ නිසා යාහලුවන් සමඟ පවතින සම්බන්ධතා සීමා කරන්න.නෑදෑ හිත මිතුරන් හමු වීම සීමා කරන්න. අනවශ්‍ය කතා බහෙහි නිරත වෙන්න එපා. විභාග්‍ය ගැන අසන ප්‍රශ්න මගහරින්න. අනවශ්‍ය ගමන් බිමන් හා සබඳතා හැකතාක් සීමා කරන්න.
ඒ වගේම ඔබ දෙමාපියෙක් නම් දරුවා පාඩම්කරන විට පවුලේ සාමාජිකයන් එක් වී සතුටු සාමීචියේ යෙදෙන්න එපා. දරුවා සමඟ අනවශ්‍ය කිසි දෙයක් කතා කරන්න එපා. ගෙදරදොර වැඩවලින් ද හැකිතාක් දරුවා ඈත්කරන්න.
ළමුන් තුළ විභාග කාංසා අඇතිවීමට ඇතැම් ගුරුවරුන් ගේ ක්‍රියාකලාප හේතුවෙයි. පන්ති කාමරයේ දරුවන් දක්ෂ හා අදක්ෂ ලෙස වෙන් කිැීම නිසා මෙම තත්ත්වය ඇතිවෙයි. මෙය ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ ඇති ඉතාම සෝචනීය තත්ත්වයකි. දරුවන් දරුවන් අතර වෛරය කේන්තිය සහ කණස්සල්ල ඇති කරවීමට මෙවැනි තත්ව ඇතිවෙයි.
විභාග කාංසාවට හේතුවන සෘනාත්මක සිතුවිලි තවදුරටත් විමසුවහොත්,
• මා පාඩම් කරන දේවල් විභාගයට එන්නේ නැත
• මම විභාගයට තවම සූදානම් නැහැ
• මා පාඩම් කළ තොරතුරු හාස්‍යජනකය
• උපකාර පන්තිවලට සහභාගී නොවුන නිසා මට ඒ විශය බැහැ
• මට මේ ගැටලු කෙසේවත් තේරෙන්නේ නැත
• විභාගය ඊලඟ පාර කරනවා
මෙම සිතුවිලි ක්‍රියාත්මක වී අවසානයේ විභාගයට මුහුණ දීමට නොහැකිවෙයි. නැතිනම් කාර්යය ඵලය දුර්වල වෙයි.
ලංකාවේ විභාග අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විමසීමේ දී විභාග කාංසාව වැඩිපුරම ගොදුරු වන්නේ ගැහැනු දරුවන්. එයට හේතුව අනෙකා පරයා සාර්ථක වීමට සහ ඔවුන්ට වැඩියෙන් ඉහලින් ජයගැනීමට ගැහැනු දරුවන් තුළ අති අපේක්ෂාවයි.
විභාග කාංසාවට ගොදුරු වන කාල සීමාවක් තියෙනවද ?
ඔව් විභාගයට මුහුණ දීමට සූදානම් වන කාල සීමාවේ සිට විභාග ප්‍රතිඵල ලැබීම දක්වා කාලය තුල ළමුන් විභාග කාංසාවට ගොදුරු වෙනවා. තමන් යථාර්ථවාදී නොවන අපේක්ෂා තබාගෙන එය ඉටු නොවූ කල්හි විශාදය දක්වා ගමන් කරනවා.
මෑත කාලයේ වාර්තා වුනු එක් සිදුවීමක් වන්නේ දැරියක් සාමාන්‍ය පෙළ විභාගයෙන් Aසාමාර්ථ 9ක් අපේක්ෂිතව සිට A සාමාර්ථ 9ක් හා එක් B සාමාර්ථයක් ලැබීම නිසා විශාද තත්ත්වයට පැමිණ සියදිවි නසා ගනියි. ඒ එක් වාර්තා වන සිදුවිමක් පමණයි. එලෙස විභාග කාංසාවට ගොදුරු වීම නිසා අවසානයේ තම මුළු ජීවිතයයම සෘනාත්මක දෘෂ්ටියකින් බලා අසාර්ථකත්වයට වැඩි දරුවන් ප්‍රමාණයක් පත්වෙයි. ඉන් සීමා නොවී විශාදය වැනි මානසික රෝගි තත්ත්වයන්ට ගොදුරු වෙයි.
විභාගයට සුදානම් වන විට
1. තම මිතුරන් සමඟ තමාගේ හැකියාවන් සන්සන්දනය කිරීම
2. පූර්ව අසමත් වීම් ගැන අහේතුක බය
3. සමාජ ආගමික මිත්‍ය විශ්වාස
4. අන් අයගේ සෘනාත්මක වදන විශ්වාස කිරීම
5. මෙය තම ජීවිතය ජය ගැනීමට ඇති අන්තිම අවස්ථාව බවට තරයේ විශ්වාස කිරීම
පිළිබද අහේතුක බියක් ඇතිනොකරගත යුතුය. තමාට හූනියමක් කර ඇති බව සීතිම, මන්තර වලින් මැතිරීම,මතුරන ලද පෑන් පැන්සල් භාවිත කිරීම,වැනි මිථ්‍යා විශ්වාසවලින් ඈත් වී තම පූර්ව විභාග සුදානම හා හකියාව කෙරෙහි විශ්වාසය තබන්න.
විභාග කාංසාවේ රෝග ලක්ෂණ මොනවද ?
1.නොසන්සුන් බව
2. ක්ලමථකාරී බව
3. නින්දේ ආබාධ
4. අසමත් වීමේ බිය
5. නපුරුසිහින
6. ඔක්කාරය
7. හිසේ රුදාව
8. උදරාබාධ බහුලය
9. දහඩිය දැමීම
10. විභාග පිළිබඳ කතා.කිරිමටවත් අකමැතිවීම, කතා කරන විට වහා එතනින් ඉවත්ව යාම
11. කාමරයට වී සිටීම
12. පිරිසිඳු වීමට උනන්දුවක් නොවීම. නාන්නේ මු
නාන්නේ මුහුණ හෝදන්නේ නැත
විභාග කාංසාවට ප්‍රතිකාර තියෙනවද ?
ඔව් මෙවැනි තත්ත්වයක් අත්විඳින්නේ නම් ඉක්මනින් මනෝඋපදෙශකවරයෙක් වෙතට යොමුවෙන්න. නැතිනම් විශාදය දක්වා මෙය වර්ධනය විය හැකිය. මකුළු දැලක මෙන් පැටලී ඇති දරුවාගේ සිත ක්‍රමයෙන් ගලවා ගෙන මානසික සහනය ඇති කරමින් කාංසාමය තත්ත්වය නැති කිරීමට මනෝ උපදේශකවරයා කටයුතු කරයි.ඒ සඳහා ස්වයංපුහුණු,ප්‍රජානන චර්යා ප්‍රතිකාරය වැනි ප්‍රතිකාරාත්මක ප්‍රවේශ උපදේශකවරයා භාවිතා කරයි.
---- R.S.P.Kulathunga---
https://psychologytipsforyou.blogspot.com/2020/11/blog-post_8.html
Comments
Post a Comment