යම් චර්යාවන් කිරීමට දැඩි ආශාවක් පවතීද ? [ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය - (OCD)]

ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය - (OCD)


පළමුව ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය යනු සුළු මානසික අක්‍රමතාවයක් බව හදුනා ගත යුතුය. සුළු මානසික අබාධයක් යනු රෝහල් ගත කිරීමක් අවශ්‍ය නොවන ඖෂධමය ප්‍රතිකාර අවශ්‍ය නොවන ආකල්පමය හා ප්‍රජානන වෙනස් කිරීම් මඟින් චර්යාවන් වෙනස් කළ හැකි මානසිකමය තත්ත්වයක් බව කිව යුතුය. සුළු මානසික ව්‍යධීන් සහිත පුද්ගලයන් සමාජය තුළ බහුල බව ද කිව යුතුය.

ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය යනු කුමක් ද ?

යම් යම් චර්යාවන් කිරීමට දැඩි ආශාවක් පැවතීම හා එම චර්යාවේ නිරත වීම පාලනය කරගැනීමට ඇති දුෂ්කරතාවය මෙම අක්‍රමතාවයේ ප්‍රධානම ලක්ෂණය වෙයි. මෙය වඩාත් සරලව පවසන්නේ නම්, ඔබ නිවසින් පිටත්ව යම් ඈතකට යාමට සැරසුන විට කිහිපවරක් නිවසේ දොර,ජනෙල් වසා ඇත් ද, විදුලි උපකරණ ක්‍රියා විරහිත කොට ඇත් ද යන්න දෙතුන් වතාවක් පරීක්ෂා කොට බලයි. එය කිසිසේත්ම ග්‍රස්ථිය තත්ත්වයක් නොවෙයි.නමුත් මෙවැනි සිතුවිලි දිගින් දිගටම පහළ වෙමින් තම එදිනෙදා කාර්යයන් කරගැනීමට බාධාවෙමින් යම් අයෙක් මානසික වශයෙන් චිත්ත පීඩාවට පත් වේ නම් එම තත්ත්වය ග්‍රස්ථිය අක්‍රමතාවයකි.

පුද්ගලයාගේ කවර අංශන් කෙරෙහි ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාවය බලපායි ද?

1. ඔබේ සිතුම් පැතුම් හා අදහස් කෙරෙහි බලපායි.

2. ඔබටඅසීමිත වේදන දැනිය හැකිය.

3. ආවේග හා පරිකල්පනය කෙරෙහි බලපායි

4. චර්යා කෙරෙහි බලපායි.

අප්‍රසන්න සිතුවිලි දිගින් දිගටම මනසට පැමිණීමේ දී ඉන් මිදීමට හා එය යටපත් කිරීමට පුද්ගලයා උත්සහ කරයි. ඒ සඳහා යම් චර්යාවක ඔහු නිරන්තරයෙන් යෙදෙයි. නිදසුන් ලෙස නිතර නිතර අත සේදීම, නිතර නිතර මුත්‍රා පිටකිරීම, නිතර ස්නානය, නිතර ඇඳ කොට්ට මෙට්ට පිරිසිඳු කිරීම, කටින් විවිධ ශබ්ද නිකුත් කිරීම, යමකට තට්ටු කිරීමට පෙළඹීම සිදුවෙයි. නිතර මුත්‍රා කීරීමට අවශ්‍ය වීම මුත්‍රා ආබාධයක් යැයි සමීපතමයන් සිතයි. නමුත් එය බොහෝ විට එසේ නොව ඔහුගේ මනස වෙත නැගෙන පීඩාකාරී අතෘප්තිකර සිතුවිල්ලක් යටපත් කිරීමට එම චර්යාවෙහි නිරත වෙයි.

විවිධ වේදන අත්විඳීම නිසා අතිශය පීඩාවට පත්වෙයි. ශරීරයේ යම් කොටසක් නිතර නිතර ස්පර්ශ කිරීමට පෙළඹීම, තම ඇඳුම් තුළ මුත්‍රා පහවනවා මෙන් දැනීම වැනි වේදනාවන්ට ගොදුරු වෙයි. මෙවැනි හේතු මත සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවන්ට ගොදුරු වෙයි.

එමෙන් ම පරිකල්පන රටාවේ වෙනස්කම් ඇතිවෙයි. එනම් ⁣ලඟ ලඟ මෙහොතක යම් සිදුවීමක් සිදුවේය යන්න සිතමින් භීතියට පත්වෙයි. නිදසුනක් ලෙස උපදේශන අත්දැකීම් අනුව, වරක් එක් දියණියක් පැවසුයේ තම මව නිවසින් පිටතට ගිය විට අයට විශාල අනතුරක් වේ යැයි නිතර සිතෙන බවත් තමාට එම සිතුවිලිවලින් මිදිය නොහැකි බවත්ය. එහෙයින් මව නිවසින් පිටතට ගිය වහාම දුරකථන ඇමතුම් ලබා ගනිමින් පරීක්ෂා කොට බලයි. නමුත් මෙහි කිසිඳු අකාරයක යථාර්ථවාදී පදනමක් නොමැත. එමෙන්ම මෙම තත්ත්වය පෙම්වතා හෝ පෙමවතියට පවතින අවස්ථාවල නිරන්තරයෙන් අහිමිවේය යන බිය ජනක සිතුවිල්ලෙන් පීඩා විඳියි.

මේ සියල්ලෙහි ප්‍රතිඵලය මෙම හැඟිම්, සිතුවිලි යටපත් කර ගැනීමට යම් චර්යාවකට ඇබ්බැහි වීමයි. බහුලව දැකිය හැකි ග්‍රස්ථිය චර්යාවන් වන්නේ,

1. සේදීම - තමාගේ ශරීරයේ, දෑත් පාදවල විසබීජ ගෑවී ඇත යන සිතුවිල්ල හේතුවෙන් නිතර නිතර අත සෝදයි.

2. සුද්ධ පවිත්‍රකිරීම - etc :සෝදා ඇති රෙදි නැවත නැවත සේදීම,නිතර නිතර අල්මාරිය අස් කිරීම

3. ගණන් කිරීම - නිතර නිතර නිවරැදි දැයි පරීක්ෂා කිරීම

4.පරීක්ෂා කිරීම - දොර වැසුවාද, විදුලි උපකාරණ ක්‍රියා විරහිත කරාද යන්න නිතර නිතර පරීක්ෂා කොට බලා යම් තැනකට පිටත් වූවද අවිනිශ්චිතතාවයෙන් සිටීම.


මේ හේතූන් මත දෛනික කටයුතුවල ප්‍රමාද වීමක් සිදුවෙයි. එදිනෙදා කාර්යයේ නිසි පරිදි කරගැනීමට නොහැකිවෙයි.


ග්‍රස්ථිය තත්ත්වයේ දී පුද්ගලයා අභ්‍යන්තරය තුළ අත්විඳින අසීමිත දුෂ්කරතාවය හේතුවෙන් ,

1. එදිනෙදා කටයුතුවලදී අධික කල්ගත වන ස්වභාවයක් ඇත.

2. එදිනෙදා සාමාන්‍ය දිවි පැවතුම් රටාව ව්‍යාකූල වෙයි.

3. රැකි⁣යාවේ අධ්‍යාපනයේ කටයුතු අතපසු වීම, ප්‍රමාද වීම සිදුවෙයි.

4. සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමේ දි ගැටලුකාරී හා අපහසු තත්ත්වයන්ට ගොදුරු⁣ වෙයි.

5. හුදකලා වන අවස්ථාවල කණස්සල්ලට පත්වෙයි.

මෙහිදී ග්‍රස්ථිය සිතුවිලි හා ක්‍රියාවන් පිළිබඳ ව රෝගියාට අවබොධයක් තිබුන ද සිතට එනු ලබන අනවශ්‍ය සිතුවිලි පාලනය කිරීමට ඔහුට හැකියාවක් හෝ ශක්තියක් නැත. එහෙයින් ඔහු සිදුකරන්නේ එම පීඩාකාරී බවෙන් මිදීමට නැවත නැවත තමාට සහනයක් ලැබෙන ක්‍රියාවක නිරත වීමයි.

මෙම ආබාධය වැළදෙන්නේ කාටද ?

1.මෙයට පුද්ගලයාගේ පෞරුෂය සෘජුව බලපායි.

2. ග්‍රස්ථිය පෞරුෂය ඒ සඳහා හේතු වෙයි.

3. ඉක්මනින් තීරණයක් ගත නොහැකි, බොහෝ කල්පනා කරන පුද්ගලයන්ට වැළඳිය හැකිය.

4. අධික පිරිසිඳු බව ගැන සිතන පුද්ගලයන් ගොදුරු වෙයි.

5. පහසුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වන පුද්ගලයන් ගොදුරු වෙයි.


ග්‍රස්ථිය අක්‍රමතාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේ ද?

සුළු මානසික ව්‍යාධීන් සහිත පුද්ගලයන්, ප්‍රධාන මානසික රෝගීන් මෙන් යථාර්ථයෙන් ඈත් වී නොමැත. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් මෙන් ම ඔවුන්ගේ එදිනෙදා රාජකාරීන් හි නිරත වන අතර බොහෝ දුරට අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගත නොහැක. නමුත් ඔහු සමඟ සමීප සබඳතා පවත්වන අයෙකුට මෙම අසාමාන්‍ය තත්ත්වය පැහැදිලි ව පෙනෙයි. තව දුරටත් මොවුන් හුදකලා වූ විට මෙම රෝගී ලක්ෂණ බහුල ව පෙන්නුම් කරයි. සමාජ කණ්ඩායමක් සමඟ යම් කාර්යයක් කිරීමට යාමේ දී හඳුනාගත හැකිය.

මෙම තත්ත්වය සඳහා රෝහල් ගතවීමක් අවශ්‍ය නොවෙයි. මනෝඋපදේශනය හා මනෝ ප්‍රතිකාර සඳහා මනෝචිකිත්සකවරයෙක් වෙත යොමු වීම අනිවාර්යය වෙයි. බොහෝ විට තමාට පවතින මෙම පිඩාකාරී බව තමා හොඳින් දන්නා නිසාත් ඉන් මිදීමට අවශ්‍ය නිසාත් මෙම තත්ත්වය පවතින පුද්ගලයාම ප්‍රතිකාර අපේක්ෂා කරයි. යොමුවෙන් පසුව  මෙම⁣ තත්ත්වයෙන් පහසුවෙන් මිදිමට අවශ්‍ය මඟ පෙන්වීම ⁣මනෝ චිකිත්සකවරයා ලබා දෙයි. 


https://psychologytipsforyou.blogspot.com/2020/11/ocd.html




Comments