ලිංගික ක්‍රියාවලිය සම්භන්ධයෙන් යම් වෙහෙසකාරී, පීඩාකාරී තත්වයකට මුහුන දෙනවාද ? [ ලිංගික කාංසාව Sexual anxiety ]

 ලිංගික කාංසාව Sexual anxiety 


මොකක්ද  මේ ලිංගික කාංසාව ?


ලිංගික කාංසාව යනු ලිංගික අවයව හෝ ලිංගික ක්‍රියාවලිය සම්භන්ධයෙන් ඇතිවන යම් වෙහෙසකාරී, පීඩාකාරී, ස්වභාවයකි. මේ පිළිබඳ පූර්ව මනෝසෘෂ්ටි (මනෝලෝක )ඇති කර ගනිමින් යථාර්ථවාදී නොවන අහේතුක භීතිය ලිංගික කාංසාව වේ. 

මේ භීතිකාව ඇතිවන අවස්ථාව මොනවද ?


1. පළමුවර ලිංගික සම්බන්ධයක් පවත්වන්නට යාමේදී

2. හනිමූන් රාත්‍රියේ දී

3. තම ලිංගික අවයවයන් හැඩයන් ගැන සෘනාත්මක සිතුවිලි ඇතිකරගෙන සිටින අවස්ථාවක


පළමුව ලිංගික සම්භන්ධයක් පැවැහයාමේදී සිතෙහි ඇතිවන කුතුහලය හා නවීන බව යම් ආකාරයකින් ලිංගික කාංසාවට හේතුවිය හැකිය. පළමු දිනයේ එවැනි ලිංගික කාංසාවක් ඇති වීම සාමාන්‍ය නමුත් එම බලපෑමෙන් දිගින් දිගටම එවැනි කාංසාවක් ඇති වීම මනෝ උපදේශනය ලබා ගත යුතු අවස්ථාවකි.

  

ලිංගික කාංසාවමය තත්ත්වයන් කිහිපයකි.


1. ලිංගික ක්‍රියාවලිය අධික වේදනාත්මක දෙයක් යැයි සිතීම


මේ තත්ත්වය  බොහෝවිට පවතින්නේ කාන්තාවන්ට වේ. ලිංගික ක්‍රියාවලිය ඉතා වේදනාකාරීය යන්න සමාජ මතයක් මත මීට ප්‍රවේශ වීමට යාම එයට හේතුවයි. මෙම අතතාත්වික බිය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය මත යෝනිය අවට මාංශ පේශීන් තද භාවයට පත් වී ලිහිසිකාරකයන් lubricatoins  නොලැබී වියළී යයි. එවිට ශිෂ්ණය යෝනි මාර්ගය වෙත ගමන් කිරීමේදී ⁣අධික වේදනාවක් ඇතිවෙයි. එම නිසා ලිංගික ක්‍රියාවලියෙන් ඈත් වී සිටියි. ලිංගික ක්‍රියාවලිය තෘප්තිමත් වීමට අවශ්‍යම වන්නේ අපගේ මෙළයේ උත්තේජනයනයි. ඒ මත යෝනි ස්‍රාවයන් සහ ලිහිසිකාරකයන් මඟින් ලිංගික ක්‍රියාවලියේ සාර්ථකත්වය හා  තෘප්තිමත් භාවය ඇතිවෙයි. මෙලෙස ලිංගික ක්‍රියාවලිය වේදනාත්මක වීමේ කාන්තාවන් සතු මෙම තත්ත්වය වැජිනිස්මස්  vaginismus  ලෙස හඳුන්වයි. එය ලිංගික ආබාධමය තත්ත්වයකි.


2. ලිංගික අවයවවල ප්‍රමාණය සහ හැඩය ගැන කණස්සලු වීම


ලිංගික තෘප්තිය හෝ සුරතාන්තය සඳහා ලිංගික අවයවවල හැඩය සහ ප්‍රමාණය බලපාන්නේ නැත. මේම කණස්සල්ල කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට පවතියි. ලිංගික තෘප්තිය ලැබීමටත් තම ලිංගික සහකාරීය තෘප්තිමත් කිරීමට ශිෂ්ණයේ ප්‍රමාණය බලපාන බවට වැරදි මතයක් සමාජගත වී තිබෙයි. නමුත් මෙය වැරදි මතයකි. ප්‍රමාණය ගැන සිතමින් කණස්සලු වීම නිසා මානසික බලපෑමෙන් එම කාර්යය තෘප්තිමත්ව කරගැනීමට හැකියාව නොලැබී අසතුටට පත්වෙයි.


මෙය කාන්තාවන්ට ද පචතියි. පියයුරුවල ප්‍රමාණය ගැන කණස්සල්ල පත් වෙයි. පියයුරු කුඩා වීම හෝ වීශාල වීම මානසික ගැටලුවක් ඇති කරගනියි. එමෙන්ම ලිංගික කාර්යයක් කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස යෝනිය වර්ධනය වී නැතැයි යන්න කාන්තාවන් මානසික ආතතියකට ලක්වෙයි. ⁣එම නිසා මෙවැනි පීඩාකාරී සිතුවිලි සමඟ ලිංගික ක්‍රියාවලියට එක් වීමෙන් ලිංගික තෘප්තිය නැති වී යයි. පවුල් ජීවිතය ද බිඳ වැටෙයි.


3. ලිංගික අවයව සහ ලිංගික හැකියාවන් සන්සන්දනය කිරීමට යාම.


මෙය ඉතාම වැරදි තත්ත්වයකි. මිනිසුන් ජීවවිද්‍යාත්මකව මෙන්ම මනෝවිදාත්මකවද එකිනෙට බෙහෙවින් වෙනස්ය. එය මුලින්ම වටහා ගතයුතුය. ඔබට ඇති හැකියාවන් තව කෙනෙකුට නැත. බොහොවිට ලිංගික දර්ශනය ඇතුලත් වීඩියෝ පට සඳහා ඇබ්බැහිවීම්ක් නිසා මෙවැනි සන්සන්දනයන් කොරෙහි පුද්ගලයන් යොමුවෙයි. ලිංගික අවයන්වල පැහැය, හැඩය, ස්වභාවය  පිළිබඳ මෙලෙස සන්සන්දනය කරයි. පසුව ඉන් වෙනස්වීමෙන් කාංසාවක් ඇතිකර ගනියි.

පුරුෂ පාර්ශවය සතුව පවතින තවත් ලිංගික කාංසාවක් වන්නේ තම ලිංගික සහකාරිය ලිංගික සුරතාන්තයට පත්වන තෙක් තමාව පාලනය කරගත හැකි වේද යන්න අනියත් බියක් ඇතිකරගැනීමයි. පූර්ව සන්සන්දනාත්ම මත ඇතිකර ගැනීම මෙවැනි තත්ත්වයන්ට පැහැදිලි වම හේතු වෙයි.


ලිංගික කාංසාව සඳහා ප්‍රතිකාර තියෙනවද ?


ඔව් . ඹෟෂධ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැත. මෙය කාංසාමය තත්ත්වයන් පමණි. මනෝඋපදේශනය මගින් මගහරවා ගත හැකිය. පවුල් උපදේශනය යටතේ ලිංගික උපදේශනයේ දී,


1. ලිංගික සිතුවිලි මනෝ සෘෂ්ටි ඇතිකරගැනීම

2. ලිංගික ඉඟි සැපයීම

3. ලිංගික අභිරුචිය, පිබිදීම ඇති කිරිම

4. ලිංගික ක්‍රියාවලිය තුළ සංවෙිදන වල අවශ්‍යතාවය

5. ආදරය මුසු සංවේදනවල අවශ්‍යතාවය පිළිබඳ මෙවැනි කාංසාවක් සහිත පුද්ගලයන්ට මනෝ උපදේශනය අවශ්‍ය ලබාදෙයි. මෙවැනි කරුණු පිළිබද ව අනියත ලැජ්ජාවක් ඇති නොකරගෙන මනෝඋපදේශකවරයෙකු  වෙත යොමුවීමෙන් පහසුවෙන් මෙම ගැටලුවලින් මිදී ප්‍රිතිමත් තෘප්තිකර ලිංගික ජීවිතයක් ගත කළ හැකිය.


ලිංගික ආබාධ sexual dysfunction පිළිබඳ ලිපියකින් නැවත හමුවෙමු.


--- R.S.P.Kulathunga---


https://psychologytipsforyou.blogspot.com/2020/11/sexual-anxiety.html




Comments