අසාමාන්‍ය ලිංගික චර්යා ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්වයක් ! [ ලිංගික අපගමනීය චර්යා (sexual deviations)]
ලිංගික අපගමනීය චර්යා (sexual deviations)
Paraphilia Disorders ලෙස මෙම චර්යා පොදුවේ හදුන්වයි. මෙය ලිංගික අක්‍රමතා sexual Dysfunctions නොවේ. ලිංගික අක්‍රමතා යනු සමාජයේ බහුලව දක්නට ලැබෙන ආබාධ වෙයි. ඒ පිළිබඳ වෙනම ලිපිකින් සාකච්ඡා කරමු.
පැරාෆීලියා යනු යම් පුද්ගලයෙකුගේ ලිංගික උත්තේජනය සාමාන්‍ය පුද්ගලයෙක් ලබන ලිංගික උත්තේජනයට වෙනස් ලෙස ලිංගික උත්තේජනයක් ලැබීමයි.සමාජයේ බහුලව මෙම අක්‍රමතාවයන් පවතින්නේ කාන්තා පාර්ශවයට නොවයි, පුරුෂ පාර්ශවයටයි. මේ ලිංගික චර්යා සාමාන්‍ය සමාජය ප්‍රතික්ෂේප කරන සහ පිළකුල් කරන අසාමාන්‍ය ලිංගික චර්යා වෙයි. බලමු මොනවද මේ අසාමාන්‍ය ලිංගික චර්යා කියල?
Transsexualism ලිංගික සංක්‍රාන්තිය
ජීවවිද්‍යාත්මකව උපතින් උරුම වූ ලිංගිකත්වයට අකමැති වීම නිසා ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය තමාට ආරෝපනය කර ගැනීමට ඇති අධි කැමත්තයි. එනම් ගැහැනු කෙනෙක් පිරිමි කෙනෙක් වීමටත්, පිරිරි කෙනෙක් ගැහැනු කෙනෙක් වීමටත් ඇති ආශාවයි. මේ නිසාම කතා විලාසය,චර්යා විලාසය, ඇදුම් පැළදුම් යනාදි සියල්ල වෙනස් කරගනියි. පසුව හොමෝන සහ සැත්කම් මාර්ගයෙන් ලිංගික අවයව සහ ශරීරාංග වෙනස් කරගනිය. මෙය ආරම්භ වන්නේ යොවුන් අවධියේය. කාන්තා පිරිමි දෙපාර්ශවයමට මෙය පොදුය. සාමාන්‍ය සමාජය තුළ එවැනි අවස්ථාවන් ඔබ දැක ඇති.
Transvestism පාරවේශත්වය
එනම් Transsexualism තත්ත්වයේ ම ඉදිරි කොටසකි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පළඳනා විශේෂයෙන්ම යට ඇදුම් ඇද සතුටට පත් වීමයි. ඒ සඳහා මුදල් වැය කොට අවශ්‍ය භාණ්ඩ මිලට ගනියි. මෙම ලක්ෂණ අවුරුදහදෙකක අධික කාලයක් තිබේ නම් මෙම ආබාධය බවට නිර්දේශ කළ හැකිය.
Fetishism
ජීව නොවන වස්තුවක් හරහා ලිංගික ක්‍රියාවලියේ දී සතුට ලබා ගැනීම මෙම ආබායේ ස්වභාවයයි. මෙය පිරිමින්ට පමණක් ආවේණික වෙයි. කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම් සපත්තු වැනි සේ එකතු කොට ලඟ තබාගෙන ලිංගික ආස්වාදය ලබයි. මොවුන්ට මේ මඟින් ලබන ලිංගික ආස්වාදය කාන්තාවක් සමඟ එක් ව ලබන ආස්වාදයට වඩා වැඩිය.
Incent ව්‍යභිචාරය
ලේ ඥාතීන් සමඟ ලිංගික සම්භන්ධතා පැවැත්වීමට ඇති අශාවයි. මව පියා සහෝදර සහෝදරියන්. මෙය ජීවවිද්‍යාත්මකව මෙන්ම සදාචාර විරෝධි චර්යාවකි. මෙවැනි ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ සිටියද වාර්තාවන ප්‍රමාණය අඩුය. ඒ සදාචාර හේතූන් මතය. යම් ආකාරයකින් ගැබ් ගැනීමක් ඇතිවුව හොත් ජාන විකෘතිතා සහිත දරුවන් බිහිවෙයි
Exhibisonism ප්‍රදර්ශන කාමුකත්වය
මෙය පුරුෂ පාර්ශවයට පවතියි. ලිංගික උද්දීපනය ලබන්නේ තම ලිංගික අවයවය ප්‍රතිවිරුද්ධ පාර්ශවය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙනි. බොහෝ විට නාගරිකව බාලිකා පාසල් අසල රෝහල් කාන්තා නේවාසිකාගාර අශ්‍රිතව මොවුන් දැකිය හැකිය. චර්යාවේ අරමුණ ලිංගික එක්වීමක් නොව බිය වැද්දීම හා කලබල කරවීමයි.ලිංගික තෘප්තිය ලැබෙන්නේ එවිටයි.
Vogeurism දර්ශන කාමුකත්වය
මෙහි ස්වභාවය යම් අයෙක් හෝ දෙදනෙක් ලිංගික චර්යාවල යෙදීම බැලීමට ඇති අසීමිත තත්ත්වයයි. මෙය, ලිංගික දර්ශන ඇතලත් වීඩියෝ පට බැලීම අයත් නැත. එය සාමාන්‍ය නීරෝගී තත්ත්වයක් වෙයි. වීඩියෝ සඳහා ඇබ්බැහි වීමද මෙයට අයත් නෙවෙයි. මෙම ආබාධයේ ස්වභාවය අන් අයගේ ලිංගික චර්යා බැලීමට ඇති අධික ආසාව සහ ඉන් පමණක් උත්තේජනය ලැබීමයි.
Sexual masochism ස්වපීඩන කාමුකත්වය
ස්ව පීඩන කාමුකත්වය යනු තමාට වේදනාකාරී තුවාල කරගැනීම, හුස්ම හිර කරගෙන සිටීම, තමාටම පහර දීම වැනි තමාටම පීඩාකාරී ලෙස හැසිරෙමින් ලිංගික තෘප්තියක් ලැබීමයි. බොහොවිට අනෙක් පාර්ශවයට හානියක් සිදු නොවුනත් ස්වකීය වශයෙන් දරුණු හානියක් ඇතිවෙයි. ලිංගික අවයව වල තුවාල කරගැනීම වැනි දරුණු පීඩාකාරී හැසිරීම් හේතුවෙන් මරණයට පත්විය හැකිය. මේ ක්‍රමයෙන් හැරෙන්නට වෙන්ත කිසිදු ආකාරයකින් මොවුන් ලිංගික තෘප්තිය ලබන්නේ නැත. ළමාවියේ ලබන අතිශය වේදනාත්මක අතෘප්තිකර ව්‍යාකූල තාවයන් හේතුවෙන් වැඩිහිටි වියට පත්වන විට මෙවැනි ආබාධවලට ගොදුරු වෙයි. ළමා වියේ සිටම තමාට පීඩා කරගැනීමට මොවුන් පෙළඹී ඇත.
පරපීඩක කාමුකත්වය sexual sadism
ලිංගික සහකරැ හෝ සහකාරියට වේදනාවක් ලබා දී ලිංගික තෘප්තියක් ලැබීමයි. එය ශාරීරික මෙන්ම මානසික වේදනාවකි. මෙම ආබාධය සහිත සමස්ත කාන්තා පාර්ශවයෙන් කාන්තාවන් තුළ 15% ක් ද පුරුෂයන් සතුව 85% ක්ද වෙයි. පිළිස්සීම, පහරදීම, මළපහ මුත්‍රා කිරීම, පරුෂවචන භාවිතා කිරීම මෙම ආබාධය සහිත පුද්ගලයන්ගේ ලක්ෂණයි. ස්ත්‍රී දූෂණ බලහත්කාරකම් සිදුකරන්නේ මෙවැනි පුද්ගලයන් වෙයි. මොවුන්ට ලිංගික සතුට ලැබිය හැක්කේ මෙම ක්‍රමවලින් පමණි.
Pedophilia පෙඩෝෆීලියා
යොවුන් වියට නොපැමිණී කුඩා ලමුන් සමඟ ලිංගික චර්යාවල යෙදීමේ විකෘතී මානසිකත්වයකි. එවැනි පුද්ගලයෙකුගේ ලිංගික උද්දීපනය හා තෘප්තිය රදා පවතිනිනේ මෙම ලිංගික ආශාව හා හැසිරීම මතයි. මෙය පුරුෂයන් අතර පවතින අක්‍රමතාවයකි. ඔවුන් ස්ත්‍රී සහ පුරුෂ යන දෙපාර්ශවයම මේ සඳහා අරමුණු කරයි. පවුලේ සමීපතමයෙකු මෙවැනි චර්යාවක නිරත වන විට දරුවන් අතවරයට පත්වෙයි. ලිංගේන්ද්‍රය ස්පර්ශ කරවීම හා මුඛය හා ගුදය ආශ්රාත ලිංගික චර්යාවන් වෙත ගොදුරු කරගනියි. එම නිසා කුඩා දරුවන් පිළිබඳව දෙමාපියන්ගේ නිතර අවධානය ලබා දිම අවශ්‍යය.
Necrophilia ශවකාමය
මෙය මෘත දේහ සමඟ ලිංගික ක්‍රියාකාරිත්වයේ යෙදීමට ඇති ආශාවයි. මෙයද විකෘති ලිංගික චර්යාවකි. මෙහි ඉතිහාසගත පදනම්ක් ඇත. පැරණි අතීතයේ සිටම මෘත දේහ සමඟ ලිංගික චර්යාවන්හ් නිරතවීම් ගැන ඉතිහාසයේ ඇත.
Zoophilia
මෙය සතුන් සමග ලිංගිකව එකතු වීමේ විකෘතී මානසික තත්ත්වයකි. බොහෝ විට ගවයන් , චිම්පන්සින් , වඳුරන්, සූනඛයන් , එළුවන් වැනි සතුන් ලිංගික කටයුතු සඳහා යොදාගනියි. මෙය ද ඉතිහාසයේ සිටම පැවත එන අසාමාන්‍ය ලිංගික චර්යාවකි.
Fotturism ෆ්රොටොරිසම්
මෙය සමාජය තුළ බහුලම දක්නට ඇති තත්ත්වය වෙයි. මොවුන් ලිංගික තෘප්තිය ලබන්නේ ලිංගික එක් වීමකින් නොව තම ලිංගික අවයවය ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ශරීරයේ ස්පර්ශ කරමින් වේ. ලිංගික උත්තේජනය සහ ලිංගික තෘප්තිය ලැබෙන්නේ එවිටයි. සාමාන්‍යයෙන් ජනාකීර්ණ තැන්වල මොවුන් බහුල වශයෙන් දැකගත හැකිය. පොදු ප්‍රවාහන සේවාවන්වල මේ ලිංගික අක්‍රමතාවය පවතින පුද්ගලයන් සූදානමින් පවතියි. බොහෝ විට පුරුෂ පාර්ශවයට මෙම අක්රමතාය ඇත.මේ තත්ත්වයට බොහෝ විට වෙනත් මානසික රෝගයක් සම්බන්ධ වී තිබිය හැකිය. එමෙන්ම ළමා කාලයේ පෞරුෂ සංවර්ධනයේ ඇති වූ විවිධ දෝෂයන් හා විකෘතිතාවයන් ද පසුකාලීනව මෙවැනි චර්යා ඇති වීමට හේතු වෙයි.
මෙම අක්‍රමතා සහිත පුද්ගලයන් ස්වෙච්ඡාවෙන් ප්‍රතිකාරවලට යොමුවන්නේ නැත. බොහෝ සිදුවීම් වාර්තා වන්නේ උසාවි, පොළිසි සහ අධිකරණ වෙතයි. එවිට ප්‍රතිකාර සදහා මනෝ වෛද්‍යවරුන් වෙතට යොමු කරයි. මොළයේ රසායනික අසමතුලිතා වැනි තත්ත්වයන් පවතින නිසා ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වීම කළ යුතුමය. බොහෝ විට පෞරුෂ සංවර්ධනයේ සිදු වූ වෙනස්කම් ද මෙවැනි ආබාධයන්ට හේතු විය හැකිය. රෝග විනිශ්චයෙන් පසුව මනෝවෛද්‍ය වරයා අවශ්‍ය ප්‍රතිකාර නියම කරනු ලබයි.
〰〰〰〰R.S.P.Kulathunga〰〰〰〰
https://psychologytipsforyou.blogspot.com/2020/11/sexual-deviations.html
Comments
Post a Comment