ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තියක් ලැබීමට නොහැකිද ? [ Sexual dysfunction ලිංගික අක්‍රමතා ]

 Sexual dysfunction ලිංගික අක්‍රමතා 


ලිංගික ක්‍රියාකාරකම්වලින් තෘප්තියක් ලැබීමට නොහැකි වීමේ තත්ත්වයන් ලෙස මේ තත්ත්වයන් හදුනා ගත හැකිය.බොහෝ දුරට සමාජයේ මෙවැනි අක්‍රමතා සහිත පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් සිටියි. 


මොනවද හේ ලිංගික අක්‍රමතා ?


1.ලිංගිික න්‍යෂ්ටකාමය sexual imapotency


ලිංගික ක්‍රියාවලිය සඳහා ශිෂ්ණය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වීම, ප්‍රාණවත් වූවත් ලිංගික ක්‍රියාවලිය අවසන් වනතෙක් පවත්වා ගැනීමට නොහැකි වීම, මෙම ආබාධයේ ස්වභාවයයි. ප්‍රමාණවත් ලිංගික උත්තේජයක් පැවතිය ද ප්‍රණවත් වීමක් සිදුනොවෙයි.


2. ශ්‍රකාණු පිටකිරීමේ ආබාධය Delayed ejaculation 


මේ ආබාධයේ ස්වභාවය වන්නේ ලිංගික ක්‍රියාවලියේ නිරත වූවත් ශ්‍රකාණු පිට වීමට වැඩි කාලයක් ගත වීමයි. හය විනාඩි 30සිට පැයක් දක්යා වුව ප්‍රමාද විය හැකිය. මෙහි අහිතකර බලපෑම වන්නේ ලිංගික සහකාරිය එය වේදනාවක් වීම සහ එපා වීමක් සිදුවීමයි. එම නිසා විවහ ජීවිතය පවා ආසාර්ථකත්වයට පත් වෙයි. ලිංගික තෘප්තියක් දෙපාර්ශවයටම ඇති වන්නේ නැත. බොහෝ වි⁣ට මේ සඳහා කායික ආබාධ තත්ත්වයන් හේතු වාය හැකිය. ස්නායුක ආබාධ, ඖෂධ වල අතුරු ප්‍රතිඵල, හා විසාදය කාංසාව වැනි මානසික හේතුන්ද හේතු විය හැකිය.


3.  පූර්ව ශ්‍රකාණු පිටවීමේ ආබාය Early premature ejaculation


මෙයද පිරිමි පාර්ශවයට  පවතින අක්‍රමතාවයකි. ලිංගික ක්‍රියාවලියේ දී ඉතා ඉක්මනින් ශ්‍රකාණු පිටවීමේ ආබාධයයි. ශිෂ්ණය  යෝනි මාර්ගයට ඇතුලත් කර තප්පර 5 -  30 අතර කාලය තුල ශ්‍රකාණු පිට වෙයි. සාමාන්‍ය ව්‍යවහාරය තුළ මෙය ක්ෂණික මෝචනය ලෙස හදුන්වන්නේ මෙයයි. මෙම ආබාධය පවතින විට ලිංගික සහකාරිය තෘප්තිමත් කිරීමට නොහැකි වේ. ඇතැ් අවස්ථාවක ලිංගික ක්‍රියාවලියට සූදානම් වීමත් සමඟම ශ්‍රකාණු පිට වෙයි. ලිංගික සහකාරියට මෙය අතිශය පීඩාවකි. පවුල් දෙදරා යාමට හේතුවෙයි.

මානසික වශයෙන් විශාදය, කාංසාව, අධික ආතතිය, තමා පිළිබඳ විශ්වාසක් නොමැති වීම, ලිංගික ක්‍රියාවලියේ ඉතිහිසය වැනි තත්ත්වයන් හේතු වෙයි. ⁣ලිංගික උපදේශනයේ දී ඉවසීම පුරුදු කිරීම, ශරීරය පුහුණු කිරීම, මනස එම ක්‍රියාවලිය වෙත යොමු කරගැනීම, තමා පිළිබඳ විශ්වාසයක් ඇති කරගැනීම වැනි මනෝවිදාත්මක ක්‍රම ශිල්ප හරහා ආබාධය සුව කරගැනීමට මඟපෙන්වා දෙයි.


කාන්තාවන්ටත් ලිංගික ආබාධ තියෙනවද ? 


ඔව් කාන්තාවන්ට පවතින ලිංගික.අක්‍රමතා කිහිපයක් තියෙනවා.


1. ලිංගික පිබීදීම පිළිබඳ අක්‍රමතාවය sexual arousal disorder 


මෙය කාන්තාවන්ට පවතියි. මෙහි ස්වභාවය වන්නේ කිසිඳු ලිංගික උත්තේජයකට ප්‍රතිචාරයක් නොදැක්වීමයි.


• ලිංගික ප්‍රබෝධය නැත

• ලිංගික.අභිරුචිය නැත

• ලිංගික ක්‍රියාවලියට මුල පිරීමක් නැත. 

• ලිංගික ඉඟි දක්වන්නේ නැත. ඉඟි ලැබෙනවාට කැමතිද නැත

• ලිංගික ක්‍රියාවලිය අතරතුර සංවේදන දක්වන්නේ නැත (ආදරණීය ස්පර්ශ )

• ලිංගිකත්වය පිළිබඳ කතා කිරීමට කැමත්තක් නැත.කතාකරනවිට මගහරියි

• ලිංගික සිතුවිලි නැත

• ලිංගික ක්‍රියාවලියක නිරත වූවත් සුරතාන්තයක් අත්විදින්නෙ නැත.


මෙවැනි හේතු මත ලිංගික ස්‍රාවයන් ඇතිවන්නේ නැත. එවිට ලිංගික ක්‍රියවලිය තෘප්තිමත් වන්නේ නැත


2. කාන්තා සුරතාන්ත අක්‍රමතාවය Female orgasmic disorder 


ලිංගික ක්‍රියාවලියේදී සුරතාන්තයක් නොලැබීමයි. නීරෝගි ලිංගික ක්‍රියාවලියක් තුළ කාන්තාව කිහිපවරක් වුව සුරතාන්ත අත්විඳියි. නමුත් මෙම ආබාධය සහිත කාන්තාවන් පමාණවත් ලිංගික උත්තේජනයක් ලැබනද සුරතාන්තයට පත්නොවෙයි. එහි ප්‍රතිඵලය එම සහකරු සමඟ ලිංගික ජීවිතය එපා වීම හෝ ලිංගික.තෘපිතිය සඳහා වෙනත් මගකට යොමු වීමයි.  සාමාන්‍යයෙන් යම් සමාජයක් තුළ කාන්තාවන් 03දෙනෙකුගෙන් 01අයෙකුට මෙම තත්ත්වය පවතින බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. නමුත් ඇතැම් සංස්කෘතික හේතුන් මත කාන්තාවන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අකමැකි නිසා කිසි දිනෙක සුරතාන්තයක් නොලබනු ලැබේ. කාන්තා ලිංගික සුරතාන්තය ගැන සාමාන සමාජයේ අවබෝධයද ඉතා අඩුය.


3.  ලිංගික මාංසපේශීන් තද වී⁣මේ අක්‍රමතාවය Vaginismus 


මේ ආබාධයේ ස්වභාවය වන්නේ ලිංගික ක්‍රියාවලියේ දී අධික වේදනාවක් ඇති වීම නිසා ලිංගික ක්‍රියාවලියෙන් ඈත් වීමයි. එය අධික වේදනාත්මක ක්‍රියාවලියක් බවට මොළයෙන් ලැබෙන පණිවිඩයත් සමඟ යෝනිය අවට මාංශපේශීන් අධික තද භාවයකට පත්වෙයි. ලිංගික ක්‍රියාවලිය පහසු හා තෘප්තිමත් කරන ලිංගික ස්‍රාවයන් සහ ලිහිසිකාරකයන් නොලැබිම නිසා යෝනි පෙදෙස වියළීමකට ලක්වෙයි. එවිට පුරුෂ ලිංගය ඇතුල් කිරීමේදී අධික වේදනාව හේතුවෙන් ලිංගික ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරයි. මෙයට ⁣මානසික හා සාමාජීය හේතු න් බලපායි.


• කාන්තාවගේ වයස

• මානසික අවපීඩනය 

• ආතතිය

• කායික රෝග

• අධික ලැජ්ජාව 

• දුර්වල ආත්ම විශ්වාසය

• ලිංගික.සහකරු කෙරෙහි ඇති අකමැත්ත

• මනසේ නොවිසඳුණු ගැටලු

• පුර්ව දරුඋපත්වල වේදනාත්මක බව

• ගර්භාෂය අශ්‍රිත ශල්‍යකර්ම හේතු විය හැකිය.

• පුර්ව ලිංගික අපයේජන


මීට අමතරව ⁣අධි ආරක්ෂිත පරිසරයක් තුළ හෝ ආගමික සංස්කෘතික නැඹුරුව වැඩි පරිසරයක් තුළ (කොන්වන්ට්) හැදූ වැඩුණු ගැහැනු දරුවන් තුළ මෙම අක්‍රමතාවය ඇතිවිය හැකිය. 


මෙම ආබාධයන් සදහා ප්‍රතිකාර තියෙනවද ? 


පැහැදිලිවම ඔව්. මනෝ උපදේශනයට යොමුවීමේ ඇතැම් ආබාධ සුවපත් කරගත හැකිය. එමෙන්ම මානසික ලිහිලනය සහ ධනාත්මක ආකල්ප ගොඩනගා ගනිමින් පවුල් ජීවිතය සාර්ථක ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම සහ සහයෝගය ලබා දෙයි. එසේ නොවන අවස්ථාවන්වල මනෝ වෛද්‍යවරයා විසින් අවශ්‍ය ඹෟෂධ ප්‍රතිකාර සහ හෝමෝන පාලනය සදහා ප්‍රතිකාර කරනු ලබයි. එම නිසා තවදුරටත් මෙවැනි අක්‍රමතා නිසා පීඩාවිදිය යුතු නැත. ලැජ්ජාවට පත්වීමට කරුණක් ද නොවෙයි. ප්‍රතිකාර වෙත යොමුවීමෙන් සුවපත් භාවයට පත්වීම පමණක් වැදගත්.


R.S.P Kulathunga
Psychology (Hons) ( මනෝවිද්යාව විශේෂවේදී )
Dip in psychological counselling





Comments

Popular Posts