ඔබේ ආතති මට්ටම පරීක්ෂා කර ගන්න ! [ආතති කළමනාකරණය (stress management)]
ආතති කළමනාකරණය (stress management)
ඔබේ ආතති මට්ටම පරීක්ෂා කර ගැනීමට මේ පරීක්ෂණය කරන්න. පහත ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් පරීක්ෂා කරගන්න.
තරඟකාරී සහ අතිශය අභියෝගාත්මක සංකීර්ණ සමාජ ක්‍රමයක් තුළ ජීවත්වන වත්මන් මිනිසාට තම ජීවන අරගලය තුළ එදිනෙදා කාර්යයන් ඉටු කිරීමට යාමේ දී මානසික වෙහෙසක් ඇතිවෙයි. මෙම මානසික වෙහෙස මනෝවිදාත්මක මුහුණුවර තුළ "stress ආතතිය " ලෙස හැඳින්වෙයි. ක්ලමථය , මානසික අවපීඩනය යන නාමයන්ගෙන් අන්වර්ථ වෙයි. මානසික ආතතිය පුද්ගලයාගේ සාර්ථකත්වය ද හේතු වන අතර එය ධනාත්මක ක්ලමථයක් ලෙස සැලකිය හැකිය. නමුත් විවිධ බාධක, කම්කටලු හමුවේ මනසේ පැන නඟින සෘණාත්මක ආතතිය පුද්ගල කායික හා මානසික සෞඛ්‍යය හීන කරදැමීමට හේතුවන අයහපත් මනෝභාවයකි.
තරඟකාරී සහ අභියොගාත්මක අවසිථාවන්ට මුහුණ දීමට යාමේදි අතිවන ආතතිය කෙරෙහි පුද්ගල පෙෘෟරුෂය වැඩි බලපෑමකි සිදු කරයි. එලෙස පහසුවෙන් ආතතිය ගොදුරු වන පෙෘරුෂය වර්ගයක් සහ ආතතියට ධනාත්මක ව මුහුණ දෙන පෞරුෂය වර්ගයන් පිළිබඳ ව Friedman සහ Rosenman යන වෛදවරු (1974) දී හදුන්වා දී ඇත. එම පෞරුෂ කාණ්ඩ ද්විත්වයෙන් ඔබ අයත් වන්නේ කුමන පෞරුෂත්ව වර්ගයට ද යන්න පළමු ව හඳුනා ගනිමු.
A වර්ගයේ පෞරුෂ ලක්ෂණ
1. මම හැම විටම යමක් හදිස්සි කරන කෙනෙක් වෙමි.
2. මම නියමිත වෙලාවටම වැඩ කිරීමට උත්සහ ගනිමි.
3. මම දවසේ පැය 40 ක් වැඩ කිරිමට තරම් ක්‍රියාකාරී අයෙක්මි.
4.මා තූළ ඕනෑවට වඩා ඉහළ ඉලක්ක ඇත. ලබා ඇති දෙයින් තෘප්තිමත් නොවී ඉහළ ඉලක්ක ලබා ගැනීමට උනන්දු වෙමි.
5.මම සෑම දෙයක් ම අංග සම්පූර්ණ ව කිරීමට උත්සහ කරමි.
6. මම ඉක්මනිින් කෝප ගනිමි.එසේ ම ඉක්මනින් කෝපය නැති කර මිත්රවීමට උත්සහ ගනිමි
7. අනුන්ට වැඩ පැවරුවත් ඔහු කුමක් කරයි ද නිවැරදි කරාද යන්න මම නිතර ප්‍රශ්න කරමි.
8.මම දුම්පානයට හෝ බුලත්විට කෑමට හෝ චුයින්ගම් හැපීමට පුරුදු වී සිටිමි.
9. මගේ ලිංගික අවශ්‍යතාවය ඉහලය. විරුද්ධ ලිංගික ඇසුරට කැමතිය.අවස්ථාවක් ලද හොත් නැඹුරු ව ඇති කරගනිමි.
10. මම ඉතා බුද්ධිමත් ය.ඉතා නිර්මාණය ශීලිය.
11. බොහෝවිට නව සොයාගැනීම් නවෝත්පාදන අදහස් ඉදිරිපත් කරමි.
12. කවර තැනක වූවද නායකත්වය ගනිමි.අනුගාමිකයෙකු වන්නේ කලාතුරකිනි.
13.අන් අයට අයුක්තියක් සිදුවනු දැකීමට කැමති නැත.කල් ඇතිව ගැටලුව හඳුනාගෙන පිළියම් යොදමි.
14. මම එකවර වැඩ දෙකක් තුනක් කිරීමට උත්සහ ගනිමි.
15. මා සාර්ථකත්වය මනිනුයේ මා කර ඇති වැඩ ප්රමාණයෙන්ය.
16. මා වටා සිටින සේවක කණ්ඩායම ම වඩාත් කාර්යශූර දක්ෂ විය යුතු යැයි මම සිතමි.
17. සෑම විටම දිනන්නට අවශ්‍ය ය. පරාජය වීම් ගැන සිතන්නටවත් බැරිය.
18.විෂය බාහිර කටයුතුවලට කැමතිය. ලස්සන දේට කැමතිය, හොඳින් අදින්නටත් ලස්සන ඇඳුම්වලටත් කැමතිය. ලස්සන කාන්තාවන්ට/පිරිමින්ට කැමතිය.
19. ජීවිතය අවසාවයේ දී ලෝකයා මා පිළිබඳ ව කතා කරනු ඇත. මම පළාතේ රටේ නම ගිය අයෙකු ලෙස ජීවත් වෙමි මිය යමි.
20. ඉතා ඉහල තරඟකාරී බවක් ඇත.කරන සෑම ක්‍රියාවක් ම ක්‍රීඩාවක් ම ජයග්රහණයෙන් කෙළවර කරමි.
21.වෙහෙසී වැඩක් කරහි.වැඩක් භාර දුන්නහොත් වගකීමෙන් කරමි.
22. වසීම අඩුය මොහොතින් පුපුරා යා හැකිය.
23.මට අවශ්‍ය ආකාරයට යමක් ඉටු නොවූ කල්හි නිතරම ආතතියෙන් පසුවෙමි.
B වර්ගයේ පෞරුෂ ලක්ෂණ
1. ජීවිතය යනු රේස් එකක් යැයි නොසිතමි.රසවිඳිය යුතු දෙයක් යැයි සිතමි.
2. ඉහළ මට්ටමේ සාර්ථකතා ,වෘත්තීය විශිෂ්ටත්වය කරා යනු වෙනුවටජීවිතය යනු සතුටින් යහපැවැත්මෙන් ගතකල යුතුදෙයක් යැයි සිතමි.
3. සාමාන්‍ය මට්ටමට වඩා මඳක් ඉහළින් ලදහොත් ඉතාම තෘප්තිමත් වෙමි.සතුට නිදහස සැහැල්ලුව කැපකර ඉහළට යාමට එතරම් උනන්දුවක් ඕනෑකමක් නැත.
4. වෘත්තීය සාර්ථකත්වය හා ජීවන සතුට අතර සමතුලිත බවත් අපේක්ෂා කරමි.
5. මට කිසිදෙයක හදිස්සියක් නැත.මධ්‍යම මට්ටමෙන් සතුටට පත්වෙමි.
#A_පෞරුෂ_වර්ගයේ ප්රකාශවලටඅනුව ඔබ වැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත් නම් ඔබට A වර්ගයේ පෞරුෂයක් ඇත. කුඩා කාලයේ සිටම කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත. එසේ නම් ඔබ අධික කාර්යය බහුල තරඟකාරී අයෙකි. විශාල බලාපොරොත්තු ඇත. නිකරුණේ කාලය කා දැමීමට අකමැති ය. සැහැල්ලු මනසක් නැත. තමන් කරනු ලබන කාර්යය ඉතාම පිළිවෙළට හැකි ඉක්මනින් අවසන් කිරීමට ඔබ සිතයි.ජීවිතයේ අරමුණ ඉලක්ක ඉටුකරගැනීම පිළිබඳ ඔබ නිතර සිතයි. අත්විඳින අධික මානසික පීඩාකාරී තත්ත්වය මත හෘදයාබාධවලට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතියි.
#B වර්ගයේ_පෞරුෂ ලක්ෂණවලට ඔබ වැඩි ප්‍රතිචාරයක් ලබා දී ඇත්නම් ඔබ මෙම පෞරුෂ කාණ්ඩයට අයත් ය.මෙම චරිත ගතිලක්ෂණ ඇති අය සාමාන්‍ය ලෙස ස්ථාවර ව ගමන් කර අවසන තෘප්තිමත් ව ඉහළින් ම ජීවිතය කෙළවර ගමන් කරයි.A පෞරුෂත්වයට වඩා ඉතාම සෙමින් නමුත් ස්ථාවර ව.ගමන් කරයි.මෙවුන් නම්‍යශීලී, නිහතමානී ව, නිශ්ශබ්ද ව ඉතාම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරයි.අධික ආහාර ගැනීම,මත්පැන් පානය කිරීම ආදී කවර අහිතකර චර්යා සහිත වූවත් අවුරුදු 70අඩු වයස් කාලවලදී ඔවුන්ට හෘදයාබාධ වැළඳීමේ නම්‍යතාවය අඩුවෙයි. මානසික වශයෙන් විශාදය, කාංසාව වැනි රෝගී තතත්වයන්ට ලක්වීමේ ප්‍රවණතාවය ද අඩුය.
පුද්ගල ජීවිතය ස්වභාවධර්මයේ නීතියට අනුව මධ්‍යම ප්‍රතිපදාවකින් යක්තව අධ්‍යාත්මික හා භෞතික දියුණුව කරා මෙහෙය විය යුතු ගමනකි. අවශ්‍යතාවයට වඩා ඊක්මන් වීම හදිසි වීම මිනිසාට ශාරීරික හා මානසික වශයෙන් ඔරොත්තු නොදේ. එම නිසා ඔබ A වර්ගයේ පෞරුෂත්වයට අයත් නම් ඔව් ප්‍රතිචාර 15කට වඩා වැඩි නම් ඔබේ සිතුවිලි සහ හැඟීම් සංස්කරණය කරගනිමින් අධ්‍යාත්මික හා භෞතික වශයෙන් තුලිත සාර්ථකත්වයක් වෙත ළඟාවෙන්න.
R.S.P. Kulathunga
Comments
Post a Comment