සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති වන්නේ ඇයි ? [ ප්‍රධාන මානසික රෝග හඳුනාගනිමු ii - විශාදය Depression ]

 ප්‍රධාන මානසික රෝග හඳුනාගනිමු 02

විශාදය  Depression 

විශාදය අයත් වෙන්නෙ උග්‍ර මානසික රෝග කාණ්ඩයට. මෙය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව ලෙස හඳුන්වනවා. එයට හේතුව මෙම මානසික රෝගය සමාජයේ බහුල වීම. විශාදය උග්‍ර තත්ත්වයට පත් වීමෙන සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවන බව ඔබ අසා ඇති. විශාදය මාසයික අවපීඩනය ලෙස ද අන්වර්ථ කරයි.

විශාදයට ගොදුරු වන්නේ කෙසේ ද ?

වත්මනය වන විට අපට ජිවත් ව සිටින සමාජ ක්‍රමය අනුව අතිශය අභියොගාත්මක, තරඟකාරී හා ආවේදනාත්මක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. මෙම සිදුවීම් නිසා අභ්‍යන්තරික වශයෙන් ප්‍රබල පීඩාවට පත්වන අතර එම නිසා මානසික ආතතිය⁣ට මුහුණ දීමත් සමඟ මානසික හා ශාරීරික අපහසුතාවලට මුහුණ දීමට සිදුවෙයි. මෙම මානසික ආතතිය කාංසාමය තත්ත්වයක් බවට පත් වී පසුව විශාදය තත්ත්වයක් බවට පත්වෙයි. එමෙන් ම විශාදය ඇතිවීමට

1. මොළයේ ජෛව රසායනික වෙනස්කම් 

2. ජානමය අසමතුලිතතා

3. පුද්ගල පෞරුෂය 

4. පාරසරික සාධක

5. සුව කළ නොහැකි කායික ආබාධමය තත්ත්වයන්

6. දීර්ඝ කාලීනව ඇතැම් ඹෟෂධ වර්ග  භාවිතා කිරීමහේතුවෙයි

බොහෝ විට දෙමාපියන්ගෙන් එක් අයෙක් හෝ විශාදයෙන් පීඩාවිදින පසුබිමක එය ජාන හරහා දරුවා වෙත සම්ප්‍රේෂණය විය හැකිය. කුඩා කාලයේ සිට පහළ ආත්ම අභිමානයකින් යුක්තව තමා පිළිබඳ අධි සෘනාත්මක සිතුවිලි ඇතිකරගෙන සිටින විට සමාජය සමඟ ගැටීමට හනාහැකි වෙයි. එවන් දරුවෙකු සමාජය සමඟ මුසු වීමට සිදුවීමෙදී විශාද තත්ත්වයට ගොදුරු වෙයි.එමෙන් ම අධික දුප්පත්කම , ප්‍රචන්ඩකාරී අවස්ථාවන්ට නිරත මුහුණ දීම, විවිධ අතවරයන්ට හා අපයෝජනයන්ට මුහුණ දීම වැනි පාරසරික සාධක විශාද තත්ත්වයට ගොදුරු වීමට හේතුවෙයි.

1 .තම සමීපතමයන්ගෙන් මරණය

2.ප්‍රේම සම්භන්ධතා බිඳ වැටීම

3.කඩයිම් විභාග අසමත්වීම

4.නිවසේ පවතින ප්‍රචන්ඩකාරී ස්වභාවය

5. කායික විකෘතිතා මත සමජ හිංසනයට ගොදුරු වීම  වැනි පාරසරික තත්ත්වයන් හේතුවෙයි.

විශාදය යනු කුමක් ද ?

පුද්ගලයෙක් දිගින් දිගටම හෝ සතිදෙකකට වැඩි කාලයක් දොම්නසින් කලකිරීමකින් හෝ රෝගී බවකින් පෙළේ නම් එම තත්ත්වය මත ⁣දෛනික වැඩකටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇතිවේ නම් එම තත්ත්වය විශාදය ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම නොනවත්වන කළකිරුණු ස්වභාවයක් අත්විඳින හෙයින් මෙය ඉතාම පීඩාකාරී හා වේදනාකාරී රෝගී තත්ත්වයක් හැටියට හඳුනාගත හැකිය.

විශාදයට ගොදුරු විය හැක්කේ කවුද ?

1. ඔබ මා ඇතුලුව ඕනෑම කෙනෙක් ගොදුරු විය හැකිය

2. අධි ආතතික පරිසරයක ජීවත් වීමෙන් කල් යත් ම ගොදුරු වෙයි

3. උගත්කම අධ්‍යාපන මට්ටම බලපාන්නේ නැත.

4. දිගින් දිගටම ජීවන අවස්ථා අහිමිවීම, පරාජය වීම

5. ජීවිත කාලය තුළ යම් අයෙක් විශාද රෝගී ත්ත්වයට පත්වීමේ  අවධානම පිළිබඳ සැලකීමේ දී සෑැම පිරිමි 10 දෙනෙකුගෙන් 1 අයෙක් ද සෑම ගැහැනු අයගෙන් ම 4 දෙනෙකුගෙන් 1 අයෙක් ද ගොදුරු වන බව පරීක්ෂණ පෙන්වා දෙයි.

6. අවුරුදු 20-40 ත් අතර කාලය තුළ වැඩි අවධානමක් ඇත

විශාදයෙහි රෝග ලක්ෂණ මොනවද ?

1. නොනවත්වන අධික කළකිරුණු ස්වභාවය 

2.ක්‍රියාශීලි නොවීම

3. විනෝදය මග හැරීම

4. වෙහෙසකාරී බව

5. මතකය දුර්වල වීම

6. ආත්ම අහිමානය පහල වැටීම

7. අතීතය ගැන  පසුතැවිලි බව

8. වර්තමාන පීළිබඳ සෘනාත්මක අසුභවාදී සිතුවිලි

9. අනාගතය පිළිබඳ අපේක්ෂාභංගත්වය 

10. නින්දේ අක්‍රමතා ( අධික නින්ද හෝ නින්ද නොයාම )

11. කෑම අරුචිය

12. බර අඩුවීම

13. ලිංගිකත්වය පිළිබඳ උනන්දුවක් නොමැති වීම

14. කායික රෝගී තත්ත්වයන් නිතර පැමිණිලි කිරීම

15.කුඩා ගැටලුවක් වුව මහත්කොට සිතීම

16. නුරුස්නා ස්වභාවය 

17. තීරණ ගැනීමේ නොහැකියාව

18. විස්තර කළ නොහැකි හිසරදය

මෙවැනි මානසික, කායික,චර්යාත්මක ලක්ෂණ කිහිපයක් සති දෙකකට වැඩි කාලයක් පවතී නම් විශාදය බවට නිර්දේශ කරගත හැකිය.

විශාදයට ගොදුරු වීම ලැජ්ජාවට කරුණක් නොවේ.අපගේ කය මෙන්ම මනස ද විටින් විට අසනීප තත්ත්වයන්ට ගොදුරු වෙයි. එම නිසා සඟවාගෙන සිටීම නොකළ යුතුය. මන්ද විශාද රොගිය අතිශය දරුණු වේදනාවක් අතවිඳියි.⁣ මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා සංඛාව 30% ක් පමණක් වේ. ප්‍රතිකාර නොගන්නා සංඛාව 70%කි. එම නිසා මනෝ වෛද්‍ය  ප්‍රතිකාරමය තත්ත්වයන්  සඳහා යොමුවීම කළ යුතුය. වෛද්‍ය ප්‍රතිකාර කරන අතරතුර නැවත සාමාන්‍ය සමාජගත වීමට අවශ්‍ය මඟපෙන්වීම මනෝ උපදේශකවරයා විසින් ලබාදෙයි.


https://psychologytipsforyou.blogspot.com/2020/11/vishadaya.html





Comments