මානසික ආතතිය 

මානසික ආතතිය යනු එදිනෙදා ජීවිතයේ දී කුමන හෝ අවස්ථාවක් සිදුවීමක් මුල්කොටගෙන පුද්ගල තුළ ඇතිවෙන මානසික  නොසන්සුන්තාවය සහ අපහසුතාවය වේ. මානසික ආතතිය යම් සරල සිදුවීමක් හෝ බරපතල සිදුවිමක්න් ද ඇතිවිය හැකිය. මෙය මානසික ක්ලමථය, මානසික පීඩාව යන්න අන්වර්ථ කෙරෙයි.

මානසික ආතතියට සුළු කාලයක් මුහුණ දීම එතරම් ගැටලුවක් නොවුනත් දීර්ඝ කාලීනව මුහුණ දීම නිසා විශාදය වැනි මානසික රෝග දක්වා හා බෝ නොවන රෝග ඇතිවීම දක්වා අතිශය දරුණු විය හැකිය.

මානසික ආතතිය පවතින බවට හදුනා ගන්නේ කෙසේ ද?


ශාරීරික ලක්ෂණ ගත් විට,

1. පීඩාවට පත්වීම. වැඩක් නොකර ඉඳියද මහන්සි ගතියක් දැනීම

2. හිසරදය 

3. පේශී තදවීම

4. හෘද ස්පන්දන වේගය වැඩි වීම

5. කෑම අරුචිය

6. ඔක්කාරය 

7. හුස්ම ගැනීමේ අපහසුතාව

8. ඇඟපත වේදනාව

9. කාන්තාවන්ගේ ආර්තවයේ වෙනස්වීම්


මානසික ලක්ෂණ වෙන්නේ,

1. නුරුස්නා ගතිය

2. කේන්ති යාම

3. අසරණ බවක් දැනීම

4. චිත්තවේග ඉකිමනින් වෙනස් වීම.. සිනාසෙමින් ඉඳයද නැවත ඉක්මනින් දුක සිතයි

5. අවධානය හීන වීම

6. එකම කරුණක් ගැන නැවත නැවත සිතීම

7. හැඬීම


චර්යාත්මක ලක්ෂණ මොනවද ?


1. ක්‍රියාකාරී නොවීම හො අධික්‍රියාකාරී වීම

2. නොසන්සුන්කාරී චර්යා

3. මත්පැන් පානය කිරීමට වැඩියෙන් පෙළඹීම

4. එකම  කාර්යය කෙරෙහි එක දිගට අවධානය යොමු කිරීම

5. වැඩ අතපසු කිරීම

6. නින්ද නොයාම

7. සමීප සබඳතාවල කිසි උණුසුම් බවක් නොමැති වීම. සමීප බවක් නොතිබීම

8. තමාගේ වැඩ පිළිවෙළට කර නොගැනීම

9. පිරිසිඳු බව ප්‍රියමනාපව සිටීමට උනන්දු නොවීම

10. නිතරම හුදකලාව තෝරා ගැනීම


මානසික ආතතිය ඇතිවීමට හේතු මෙනව ද?


1. ජීවවිද්‍යාත්මක හේතු. ශාරිරික හේතු

2. මනෝවිද්‍යාත්මක හේතු

3. සමාජ විද්‍යාත්මක හේතු

4. පාරසරික හේතු


මේ සියලු සාධක අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක ලෙස කොටස දෙකකට ගැනිය හැකිය.

1. සෘනාත්මක දෘෂ්ටිය හා සෘනාත්මක ආකල්ප හේතු වෙයි

2. අවිනිශ්චිතතාව පිළිගත නොහැකි වීම නිසා මානසික ආතතිය ඇතිවෙයි.

මේ ලෝකයේ පවතින කිසිම දෙයක් ස්ථිර නැත.එම නිසා එම තත්ත්වයට මුහුණ දිය යුතුය. පිළිගත යුතුය.

3. දැඩි චින්තනය හා අනම්‍යශීලි බව

එනම් තමා පවසන ආකාරයට ලෝකයේ සියල්ල සිදුවිය යුතුයැයි සිතාගෙන සිටින විට පහසුවෙන් ම ආතතියට ලක්වෙයි. අනෙක් අය තමා කැමති දෙය සිදු කල යුතු යැයි ඔවුන් සිතා ඔවුන් එසේ නොකල විට මානසික ආතතියට පත් වෙයි. විවාහයක දී, නිවසක් තුළ ජීවත් වීමේදී, මිතුරන් සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේදි මේ කියන නම්‍යශීලී බව පවත්වා ගත යුතුය. මා ගැන මෙසේ සිතිය යුතුය මට මෙසේ සැලකිය යුතුය, මට ගරු කල යුතුය යන්න සීතිම නවත්වන්නේ නම් අප මුහුණ දෙන මානසික ආතතියෙන් බේරී සිටිය හැකිය.

3.සෘනාත්මක ස්වයං විවේචන

තමා ගැන සෘනාත්මකව තක්සේරු කොකල යුතුය.නිදසුනක් ලෙස විභාගක් ආසන්නයේ තම නැදෑ හිතමිතුරන් හමු වූ විට " මට විභාගය පාස්වෙන්න බරි වෙයි". "ලොකු රිසාල්ට්ස් එකක නැහැ" වැනි චවන පිට කරන්න එපා. ⁣එය නොදැනුවත්ව ඔබගේ මනස භාර ගනියි. විභාගය ආසන්නයේ දී එවැනි පිරිිසි හමුවන අවස්ථාවන් මඟහැරිම වඩා සුදුසු ය. 

4. යථාර්ථවාදී නොවන බලාපොරොත්තු සහ වුවමනාවට වඩා පිළිවෙළක් බලාපොරොත්තු වීම මානසික ආතතියට හේතුවෙයි.

නිදසුනක් ලෙස තමා විවිහ කරගැනීමට යන් සහකරුවා උගත් දේපල හිමි කඩවසම් මිලමුදල් හොද ගතිගුණ යන සියල්ල දැනටමත් තිබෙන කෙනෙක් විය යුතුය. මෙය යථාර්ථවාදී වන්නේ නැති බව ඔබට පෙනෙයි. එවිට සිදු වන්නේ දීර්ඝ කාලයක් විවහ නොවී සිටීමට සිදුවීම හා ඒ නිසා මානසික  පීඩනයට පත්වීමයි.

"මං විෂයන් 09ටම A සාමාර්ථ ගන්නවා". නමුත් දැනටමත් ඔබට ගණිතය විෂය තරමක් අමාරුයි නම් කිසිදිනක ලකුණු 75සීමාව ඉක්මවා ගොස් නැත්නම් අනිවාර්යයෙන් A සාමාර්ථයක් බලාපොරොත්තු නොවිය යුතුය. නොලැබුනොත් සියදිවි නසා ගන්නවා යැයැ සිතුවිලි ඇති කර නොගත යුතුය.

මීට අමතර ව බාහිර සදුවීම් නිසා මානසික ආතතියට පත්වෙයි.

1. ව්‍යසනකාරී සිදුවීම් (cataclysmic events)

එනම් ස්වාභාවික විපත්වලට මුහුණ දීමට යාම නිසා ආතතිය ඇතිවෙයි.ගංවතුර සුනාමි නාය යැම් ⁣මේ නිසා දීර්ඝ කාලයක් මානසික පීඩනයට පත්වෙයි. ඉන් සීමා නොවී බෝම්බ පිපිරීම්,වෙඩි හුවමාරු මානසික ආතතිය ගෙන ⁣දෙන ව්‍යසනකාරී සිදුවීම් වේ.

2. ජීවිතය ධනාත්මක මෙන්ම සෘනාත්මක සිදුවීම් විභාග කාංසාව හේතුවෙයි. ( Special life events )

විවාහය දරුවෙක් ලැබිම ධනාත්මක සිදුවීම් වුනත් ඒ අවස්ථාවන් වලදී යම් ආතතියකට මුහුණ දීමට සිදුවෙයි.පුර්ව ප්‍රසව පසු ප්‍රසව විශාද තත්ත්වයන් ඇතිවන්නේ මෙම මානසික ආතතිය මුල්කොට ගෙනයි.

රැකියාව අහිමි වීම, ජීවත්වන ප්‍රදේශය වෙනස් වීම, කලත්‍රයාග් මරණය , දෙමාපියන්ගේ වියෝවීම දික්කසාදය  වැනි සෘනාත්මක ජීවන සිදවීම් ආතතිය ගෙනදෙයි. විශාදීය මට්ටමක් කරා ගමන් කළ හැකිය.

3. එදිනෙදා ජීවිතයේ සිදුවන සුවිශේෂී සිදුවීම් නිසා ආතතිය ඇතිවෙයි. (Daily hassles )

අධික පාරසරික ශබ්දය දූෂණය, වාහන තදබදය ( ට්‍රැපික් ) ⁣අධික සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳීමට සිදුවීම, දෙමාපිය දූ දරු ගැටලු, විවාහයේ ගැටලු, ඉගෙනීමේ අක්‍රමිකතා හා දෝෂයන්, ප්‍රමාදවීම්, පෝලිමක හිටගෙන සිටීමට වීම යනාදි සාධක මානසික ආතතියට හේතු වෙයි.

අවසාන වශයෙන් අප තේරුම් ගත යුතුතේ ආතතියක් නොමැති ජීවිතයක් නොමැති බවයි. උපතේ සිට මරණය දක්වාම ආතතියට මුහුණ දීමට සිදුවෙයි. එහෙයින් වැදගත් වන්නේ ආතතියක් නැති ජීවිතයක් සෙවීම නොව ආතතිය කළමනාකරණය කරගැනිමයි. ඒ සඳහා විවිධ මනෝවිදාත්මක ක්‍රමෝපාය භාවිතා කිරීමයි. අතතියට මුහුණ දීම තිරණය වන්නේ පුද්ගල පෞරුෂත්වය මතයි. ඇතැම් කෙනෙක් දික්කසාදය ලැජ්ජාවක් ගෙන දෙන තමාට සිදු වු කරුමයක් යැයි සිතමින් සිටින විට තවත් අයෙක් එය තමාගේ ජීවිතය නැවත ආරම්භ කිරීමට ලැබුණු අවස්ථාවවක් යැයි සතුටට පත්වෙයි. ආතතියට ධනාත්මක ව මුහුණ දෙයි. ඇතැම් මිනිසුන් කොතරම් ජීවිතයට අපහාස වේදනා පැමිණිය ද නොදැනුනා සේ සිනාසෙන්නේ ආතතික් නැති ජීවිතයක් සෙවීමට යැම නිසා නොව පවතින මානසික ආතතිය අපූර්ව ලෙස කළමනාකරණය කරගෙන ඇති නිසාවෙනි.

මානසික ආතතියෙන් අත්මිදීමට පවතින එම මනෝවිද්‍යාත්මක ක්‍රමෝපායන් පිළිබඳ ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.



R.S.P Kulathunga 

Psychology (Hons )

Dip in counseling psychology 

Comments