බලෙන් මෝහනය කරන්නෙ කොහොම ද ? කියවන්න.
මෝහනය යනු කුමක් ද ? #Hypnotism
මනෝවිද්‍යාවේ දී මෝහනය ලෙස හඳුන්වන්නේ පුද්ගල උඩු සිත නිද්‍රා ස්වභාවයකට පත්කොට යටි සිත අවධි කොට විවධ යෝජනා ගෙන එමින් යටි සිතෙහි පවතින පීඩාකාරී, අමිහිරි ,වේදනාත්මක සිතුවිලි ඉවත් කොට සිත සුවපත් කරවීමයි. ධනාත්මක චින්තනයේ දී ද ධනාත්මක සිතුවිල මනසට ඇතුළු කරන්නේ මේ ආකාරයයෙනි.
මෝහනය කිරීම බලෙන් සිදුකල නොහැකිය. එනම් ඒ සඳහා අදාළ පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍ය. සාමාන්‍ය සමාජය තුළ මෙවැනි බලෙන් මෝහනය කිරීම වැනි විකෘති අදහස් පවතින බව පෙනේ. එසේ නොහැක.මේ සඳහා තමාගේ කැමැත්ත හා තමා මෝහනයට පත්වන බව විශ්වාස කල යුතුය. එවැනි අවස්ථාවක පමණක් මෝහනයට පත්වෙයි. එවිට මනෝචිකිත්සකයා විසින් අවධානය වෙනස් කොට තමා වෙත නතු කරගනිමින් විවිධ යෝජනා ඉදිරිපත් කරයි.
ඒ අනුව
1. මොහනයට පත්වීම
2. සේවාලාභියාගේ චින්තනය වෙනස් කිරිමට යෝජනා ඉදිරිපත් කිරීම
3. චින්තනය වෙනස් වීම
4. සිතේ පීඩාවිදින සිතුවිලි ගැන ප්‍රශ්න කිරීම
5. පිඩාව ඉවත් කිරීම
6. ධනාත්මක සිතුවිලි හා මානසික සුවතාව ගෙන දෙන සිතුවිලිවලින් මනස සුවපත් කිරීම
යන පියවරයන් මත මෝහන චිකිත්සාව සිදුවෙයි.
මෝහන චිකිත්සාවෙහි ප්‍රභේද කිහිපයක් ඇත.
1. වේදනා කළමනාකරණ මෝහන චිකිත්සාව
2. ආතති කළමනාකරණය මෝහන චිකිත්සාව
3. ද්වේශය කළමනාකරණය මෝහනය චිකිත්සාව
4. ගර්භණී මෝහන චිකිත්සාව
5. සංගීත.මෝහන චිකිත්සාව
6. ළමා මෝහනය චිකිත්සාව
7. සමූහ මෝහන චිකිත්සාව
8. නිරාවරණ මෝහනය චිකිත්සාව
මනෝ චිකිත්සාකවරුන් අවස්ථාවට අනුව උචිත කුමන චිකිත්සාව ද යන්න සැලකිලිමත් වෙම්න් චිකිත්සාව සිදුකරයි. දිගුකාලීන වේදනාවන් සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට මෙන්ම තවත් විවධ වේදනාවනගෙන් පීඩාවිඳින පුද්ගලයන්ට වේදනා කළමනාකරණය චිකිත්සාව භාවිතා කරයි.
මෝහනය පිළිබඳ ඇති වැරදි මත නිවැරැදි කරගත යුතුය .
1.රෝගියා සම්පූර්ණයෙන් නින්දට හෝ සිහිය නැතිවීමකට ලක්වන බව. නමුත් එසේ නැත.උඩු සිත පමණක් යම් මොහොතකට අවධානයෙන් මිදේ.
2. කිසිම අයෙකුට බලෙන් මෝහනය කල නොහැකිය. ඒ සඳහා චිකිත්සනලාභියාගේ කැමැත්ත අනිවාර්යයෙන් අවශ්‍ය වෙයි. මෝහනය වෙන බවට විශ්වාස කළ යුතුය.
3.මෝහනය කළ හැක්කේ දුර්වල සිතක් ඇති අයව පමණක් බවට විශ්වාස ක් ඇත.නමුත් එය එසේ නොවේ. මෝහනය වීමට ඇති කැමැත්ත හේතුවෙයි.
4. මෝහනයෙන් මානසික පදනමක් නැති කායික රෝග සුව කළ නොහැක. නමුත් වේදනාව කළමනාකරණය කරගැනීමට උපකාර වෙයි.
5. දරුණු මානසික රෝග විශාදය භින්නෝන්මාදය වැනි තත්ත්වයන්වලදී බොහෝවිට භාවිතා කොකරයි.
මෝහනය භාවිතා කළ හැකි අවස්ථාවන් මොනවද ?
1. සුව නොවන ශාරිරික වේදනා
2. මානසික ආතතිය
3. කාංසාමය තත්ත්වයන්
4. පශ්චාත් ව්‍යසන ක්ලමථාබාධ වලදී
5. ලිංගික අභිරුචියක් ඇති අවස්ථාවන්වලදී
6. විවහ විමට අකමැතිවිම හේතුවක් රහිතවම
7. නින්දේ ගැටලු ඇති අවස්ථාවන්වල
8. නපුරු සිහින දකින අවස්ථාවන්වල
9. සමාජ භීතිකා හා සුවිශේෂ භීතිකාවලින් පෙළෙන විට
10. විවධ ඇබ්බැහි ( etc මත්ද්‍රව්‍ය ,ගණිකා, කාමුක දර්ශන බැලීම )
වැනි අවස්ථාවවල පළපුරුදු මනොචිකිත්සකයන් විසින් මෝහන ප්‍රතිකාර සිදු කරයි.
මෝහන ප්‍රතිකාර මගින්
1. මානසික පීඩාව නැතිකරගත හැකිය
2. ධනාත්මක ආකල්ප ගොඩනඟාගත හැක
3. බුද්ධිය මා මතකය වර්ධනය වෙයි
4. කේන්තිය සහ ද්වේශය නැත්වෙයි.
5. මස්පිඩු වේදනාව ඇතුළු කායික අපහසුතාවයන් නැතිවෙයි
6. සබඳතා ශක්තමත් කරගත හැකිය.
ඒ අනුව මනෝවිද්‍යාවේ දී මෝහන ප්‍රතිකාරය පුද්ගල ජීවිතය තෘප්තිමත් හා සාර්ථක කරගැනීමට හේතුවෙයි.
P S Y C H O L O G Y
Comments
Post a Comment