උපදෙස් දීම සහ උපදේශනය අතර වෙනසක් තියෙනවද ?
උපදේශනය යනු උපදෙස් දීමක් නොවෙයි. උපදෙස් දීම සහ උපදේශනය පැහැදිලිවම එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙකකි. උපදේශනය යනු උපදෙස් දීමක් බවට සාමාන්‍ය සමාජය තුළ වැරදි මතයක් තිබෙනු දක්නට ලැබෙයි. ඇතැම් පුද්ගලයන් තමාට මානසික ගැටලුවක් පැවතියද උපදේශනය සම්බන්ධයෙන් පවතින මේ වැරදි මතය නිසා උපදේශනයට යොමු නොවන අවස්ථාවන් ඇත. එම නිසා සමාජ අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම සංකල්ප දෙකෙහි වෙනස පිළිබඳ අවබෝධයක් සමාජගත කිරීම අත්‍යවශ්‍ය වෙයි.
උපදෙස් දීම යනු තම පෞද්ගලික අත්දැකීම් සහ දැනුම අනුව පදනම් වෙමින් අනෙක් පුද්ගලයාට මගපෙන්වීමට උත්සහ කරන්නකි. නිදසුන් ලෙස තමාගේ ප්‍රේම සම්භන්ධතාවය බිඳී ගිය විට තම උපදෙස් ලබන්නාට ද තමා අනුගමනය කළ පියවර අනුගමනය කරන්න යැයි කීමයි. නමුත් උපදේශනය යනු එසේ නොව මනෝවිද්‍යාවේ න්‍යායාත්මක දැනුම මඟින් විධිමත් ප්‍රවේශයක් හා සැලසුම්සහගත ඉදිරි මාර්ගයක් අනුව සිදුකරන්නකි.
උපදෙස් දීම කෙටිකාලීන ක්‍රියාවලියකි. නමුත් උපදේශනය යනු එලෙස කෙටිකාලීන ව නොව දිගුකාලීන ක්‍රියාවලියකි.
උපදෙස් දීමේ දී ප්‍රමුඛ වන්නේ උපදෙස් ලබා ගන්නාගේ මතය හා අදහසයි. උපදෙස් ලාභියාගේ අදහස්වලට එහිදී ඉඩක් නැත.ඔහුගේ /ඇයගේ අදහස් පරාධීන සෘණාත්මක අදහස් වේ. නමුත් උපදේශනයයේ දී වඩා වැදගත් කොට සලකන්නේ උපදේශනලාභියාගේ අදහස් හා මතයයි.එයට ප්‍රමුඛත්වය ලබා දෙයි.
උපදෙස් දීම සාම්ප්‍රදායික අදහස් සහ සමාජයේ අසන්නට දකින්නට තිබෙන දේවල් ඇසුරෙන් සිදුකරන සන්නිවේදන ක්‍රියාවලියකි. නමුත් උපදේශනය පිළිගත් දාර්ශනික පදනමක් මත ක්‍රියාත්මක වන අරමුණු සහගත විධිමත් සන්නිවේදන ක්‍රියාවලියකි.
උපදෙස් දීමක් බොහෝ විට සිදුවන්නේ ඔබගේ යහලුවෙකු හෝ වෙනත් හඳුනන පුද්ගලයෙක් හරහාය. නමුත් උපදේශනයේ ඔබට සහය වන්නේ ඔබ පෞද්ගලිකව හඳුනන්නෙක් නොවේ. එම නිසා ඔබට යම් අපහසුතාවයක් දැනෙන්නේ නැත.
උපදෙස් ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී රහස්‍යභාවය සහ පුද්ගලිකත්වය ආරක්ෂා වීමෙහි විනිවිදභාවය ඉතාම අඩුය. නමුත් උපදේශනයේ දි ගැටලුවෙහි රහස්‍යභාවය මෙන්ම ඔබගේ පෞද්ගලිකත්වය 100% ක් ආරක්ෂා කිරීමට ආචාර ධර්මීය වශයෙන් බැඳි සිටියි.
ඒ අනුව උපදෙස් දීම උපදේශනය යනු උපදෙස් දීමක් නොවන බව මේ වන විට ඔබට පැහැදිලි වී ඇත. උපදේශනය වනාහි ඉන් සීමා නොවී මනෝ ප්‍රතිකාර දක්වා වර්ධනය වූ මනෝවිද්‍යාව විෂයට අයත් උප විෂය ක්ෂේත්‍රයකි. එය ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයට අනුව න්‍යයාත්මක මනෝවිද්‍යාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අංශය මනෝ උපදේශනයයි.
මනෝඋපදේශනය එක් වයස් කාණ්ඩයකට සීමාවන්නේ නැත. ළමා, තරුණ වැඩිහිටි මහලු ඕනැම අයෙක්ට පොදුය.ඕනෑම සමාජ ආර්ථික මට්ටමකට වෙනස්කමකින් තොරව සේවය ලබාදෙයි.
උපදෙස් ලබාදීමේ ක්‍රියාවලිය උග්‍ර මානසික ව්‍යාකූල බවක් හෝ මානසික රෝගී අවස්ථාවක දී කිසිසේත්ම උචිත නොවන අතර මනෝඋපදේශනය වෙත යොමු වීමේ දී අදාළ ප්‍රතිකාරාත්මක සන්දර්භයන් වෙත නියමාකාරයෙන් යොමුකරයි.
ඒ අනුව අවසාන වශයෙන් කිව හැක්කේ උපදේශනය යනු පුද්ගල සමාජ හෝ මනෝවිද්‍යාත්මක ගැටලු සහ අසීරුතා විසදා ගැනීම සඳහා පුහුණු පුද්ගලයෙක් විසින් වෘත්තීය පදනමක් මත පිහිටා පුද්ගලයාට සහය වීමට සහ මඟ පෙන්වීම සිදු කරන විධිමත් ක්‍රියාවලියක් බවයි.
අපගේ කය මෙන්ම මනස ද විටින් විට රෝගී වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර කය රෝගී වූ විට ප්‍රතිකාර ලබාගන්නේ යම් සේ ද මනස රෝගී වූ විටද උපදේශන හා ප්‍රතිකාර ගැනීම ලැජ්ජාවට කරුණක් නෙවේ. එම නිසා උපදේශනයෙහි සැබෑ ස්වරෑපය අවබෝධ කරගැනීමට මින් හැකිවන අතර මේ සම්බන්ධයෙන් ඇති දුර්මත ප්‍රතික්ෂේප කිරීමටද හේතු වෙයි. එම නිසා මානසික ගැටලු ඇතිවන අවස්ථාවන්වලදී වෙනත් පිහිටක් අපේක්ෂා නොකර මනෝඋපදේශනය වෙත යොමුවීම ඉතාම සුදුසු වෙයි.
Comments
Post a Comment