Sex counselling | ලිංගික උපදේශනය

 Sex counselling ලිංගික උපදේශනය



ලිංගික උපදේශනය පවුල් උපදේශනයේ කොටසක් හැටියට හැඳින්වීම වඩා සුදුසුය. ලිංගික උපදේශනය මනෝ විද්‍යාව පුළුල් උප විෂයයක් වන අතර මෙහි මූලිකම අරමුුණ ලිංගික ජීවිතය වඩාත් තෘප්ත කර ගැනීමට සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ආබාධ පිළිබඳ අවබෝධයක් සමාජගත කිරීම මෙන්ම ඉන් මිදීමට මග පෙන්වීමයි.


මානව ලිංගික චර්යාව කෙරෙහි බලපාන සාධකයන් මොනව ද?


1. හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑම් ඇත. එය ජීව විද්‍යාත්මක සාධකයකි.


2. දෙවනුව සමාජ ඉගෙනුමෙහි වැඩි බලපෑමක් ඇත. එය සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක සාධකයකි.


හෝමෝන ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඇතිවන ලිංගික චර්යාවන්ගේ වෙනස්කම් සඳහා ⁣මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙයි. එහි කායික විද්‍යාත්මක පදනමක් පවතින නිසා ඖෂධ ප්‍රතිකාර වෙත ගමන් කල යුතුය.


අප ලිංගික ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් හැඩගස්සවා ගන්නේ සමාජ ඉගෙනුම හරහාය. එනම් අවිධිමත් ලෙස සමාජයෙන් ලබන දැනුම හරහා වේ. මිනිසා ඕනෑම අවස්ථාවක ලිංගික සක්‍රීය විය හැකිය. ලිංගික හැසිරීම යම් කාලයකට සීමා වන්නේ ද නැත. ලිංගික උත්තේජයක් ලද සැනින් එයට සූදානම් වේ. සත්වයන් ලිංගික හැසීරීමෙහි නියුතු වන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනුවයි. ඔවුන්ට සමාජ ඉඉගෙනුමක් නැත. මිනිසා ලද සුවිශේෂත්වය වන්නේ ද ලිංගිකත්ව පිළිබඳ ලබන සමාජ දැනුමයි. ලිංගිකත්වය පිළිබද නිවැරදි සමාජ අවබෝධයක් ලබා ගත හැකි නම් ලිංගික ජීවිතය තෘප්තිමත් වීමටත් වැරදි අවබෝධය ලිංගික ජීවිතය අතෘප්තිමත් වීමටත් හේතුවන්නේ එහෙයිනි.


මානව ලිංගික චර්යාව කොටස් දෙකකි.


1. සාමාන්‍ය ලිංගික චර්යාව

2. අසාමාන්‍ය ලිංගික චර්යාව 


ලිංගික චර්යාවක් සාමාන්‍ය වීමට ස්ත්‍රයක් හෝ පුරුෂයෙක් වීම, කැමැත්ත මත සිදු වීම, නිසි වයස සම්පූර්ණ වීම, ආක්‍රමණශීලි ස්වභාවයක් තිබීම අවශ්‍ය වෙයි. සාමාන්‍ය ලිංගික චර්යාවක් සම්පූර්ණ වීමට


1. ලිංගික ක්‍රියාවලියට ප්‍රවේශ වීම (  සිප ගැනීම, ආදරය ප්‍රකාශ කිරීම )

2. ලිංගික ක්‍රියාවලිය සිදුවීම

3. ලිංගික තෘප්තිමත්භාවය ලැබීම (සුරතාන්තය)


අවශ්‍ය වෙයි. 


මෙය ලිංගික උපදේශනයේ එක් පැත්තක් පමණි. මානවයා ස්වභාවයෙන් ම ලිංගික ක්‍රියාවලිය අශක්ත වන අතර බොහෝ ලිංගික චර්යාවන් සාමාන්‍ය වේ. පවුල් උපදේශනය, පූර්ව විවහ උපදේශනය වැනි අංශ යටතේ මෙම ලිංගික අවබෝධය ලබාදීම සිදුකරයි.


ලිංගික උපදේශනයේ අනෙක් පැතිකඩ වන්නේ, ලිංගික ගැටලු සහ ලිංගික ආබාධ වේ. ලිංගික ගැටලු යනු ඉහත කී  වැරදි සමාජ ඉගෙනුම නිසා ඇතිවන ගැටලු වේ. මේවා බොහෝ විට මනෝ උපදේශනය හරහා නිවැරදි කරගත හැකි වේ. අද වන විට සමාජයේ ⁣බෝහෝ සෙයින් මෙවැනි ලිංගක ගැටලු දැකිය හැකිවන අතර බහුතරයක් පවුල් ප්‍රශ්න ඇතිවීම සඳහා හේතු වන්නේ මෙවැනි තත්ත්වයන් වේ. එවැනි ලිංගික ගැටලු කිහිපයක් පහත පරිද්දෙන් හදුනාගත හැකි වෙයි.


1. ලිංගික භීතීකාව sex phobia 


අපගේ සංස්කෘතිය තුළ වැඩි වශයෙන් මෙය පවතින්නේ කාන්තාවන්ටයි. පුරුෂ පාර්ශවයේ ද යම් සුළු ප්‍රමාණයක් පවතියි. ලිංගික අවයවවලට බිය විය හැකිය. කුඩා කාලයේ යම් අතවරයකට මුහුණ දුන් දරුවෙක් වැඩිහිටි වියේ දී මෙම ගැටලුව ඇති විය හැකිය. මීට අමතරව සහකරු සහකාරිය සමඟ මානසික බැඳීමක් නොතිබීම, අපිරිසිදු බව, බීමත් කම සහ බලහත්කාරී සුළු බව වැනි හේතුන් තිබිය හැකිය. බොහෝ විට ලිංගික ක්‍රියාවලිය යනු ඉතා වේදනාව ගෙන දෙන්නක් බවට කාන්තාවන් සතුව ඇති වැරදි සමාජ මතය හේතු විය හැකිය. එමෙන්ම ලිංගික ක්‍රියාවලිය යනු පිරිමියාට පමණක් තෘප්තියක් ලැබිය හැක්කක් බවට ද වැරදි සමාජ ⁣ඉගෙනුම් හේතු වෙයි. මෙම ලංගික භීතිකාව අධික ආරක්ෂාවක් යටතේ හැදුනු දරුවන් තුළ පසුකාලීනව ඇති විය හැකිය. එමෙන්ම වැඩි ආගමික හා සදාචාර පසුබිමක නැඹුරුවක් සහිතව හැදී වැඩුන දරුවන් තුළ ඇති විය හැකිය.


2. ලිංගික පිළිකුල


මෙය ඉහත සඳහන් කාරණා මත ද රඳා පවතියි. සමාජ රෝග ඇතිවේය යන බිය මත පිළිකුලක් ඇති විය හැකිය. ඒ සඳහා ආරක්ෂක ලිංගික ක්‍රම අනුගමනය කිරීම පිළිබඳ අවබෝධය සමාජය තුළ ඇති කර යුතුය. රටක ලිංගික අධ්‍යාපනය පිළිබඳ එහිදී ප්‍රශ්න මතුවේ. 


3. පරිසරය ආශ්‍රිතව ගැටලු ඇති වීම.


ලිංගික ක්‍රියාවලියක් තෘප්ත කරගැනීමට ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීම ගැන සිතිය යුතුය. බය සහ කලබලය සහිත පරිසරයක එය තෘප්ත කරගත නොහැකිය. එටිට ලිංගික්වය පීළිබද හීනමානයක් සහ යථාර්ථවාදී නොවන අදහස් ඇති වෙයි. හොඳ වාතාශ්‍රය, සුවපහසු ආලෝකය, කාමරයේ පිළිවෙල,ආරක්ෂිත බව මෙන්ම රැකවරණය සහා රාගය මුසු ආදරය තිබීම අවශ්‍ය වේ. ලිංගික ක්‍රියාවලියට ඒමට පෙර මෙවැනි පරිසරයක් යටතේ මානසික ලිහිලනය ඇති කරගත යුතුය. 


4. ලිංගික අවයවයන්ගේ ප්‍රමාණය සහ හැඩය සම්බන්ධයෙන් ගැටලු ඇතිකර ගැනීම.



ලිංගික තෘප්තිය හෝ සුරතාන්තය සඳහා ලිංගික අවයවවල හැඩය සහ ප්‍රමාණය බලපාන්නේ නැත. මේම කණස්සල්ල කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට පවතියි. ලිංගික තෘප්තිය ලැබීමටත් තම ලිංගික සහකාරීය තෘප්තිමත් කිරීමට ශිෂ්ණයේ ප්‍රමාණය බලපාන බවට වැරදි මතයක් සමාජගත වී තිබෙයි. නමුත් මෙය වැරදි මතයකි. ප්‍රමාණය ගැන සිතමින් කණස්සලු වීම නිසා මානසික බලපෑමෙන් එම කාර්යය තෘප්තිමත්ව කරගැනීමට හැකියාව නොලැබී අසතුටට පත්වෙයි.


මෙය කාන්තාවන්ට ද පචතියි. පියයුරුවල ප්‍රමාණය ගැන කණස්සල්ල පත් වෙයි. පියයුරු කුඩා වීම හෝ වීශාල වීම මානසික ගැටලුවක් ඇති කරගනියි. එමෙන්ම ලිංගික කාර්යයක් කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස යෝනිය වර්ධනය වී නැතැයි යන්න කාන්තාවන් මානසික ආතතියකට ලක්වෙයි. ⁣එම නිසා මෙවැනි පීඩාකාරී සිතුවිලි සමඟ ලිංගික ක්‍රියාවලියට එක් වීමෙන් ලිංගික තෘප්තිය නැති වී යයි. පවුල් ජීවිතය ද බිඳ වැටෙයි.




5. ලිංගික අවයව සහ ලිංගික හැකියාවන් සන්සන්දනය කිරීමට යාම.


මෙය ඉතාම වැරදි තත්ත්වයකි. මිනිසුන් ජීවවිද්‍යාත්මකව මෙන්ම මනෝවිදාත්මකවද එකිනෙට බෙහෙවින් වෙනස්ය. එය මුලින්ම වටහා ගතයුතුය. ඔබට ඇති හැකියාවන් තව කෙනෙකුට නැත. බොහෝවිට ලිංගික දර්ශනය ඇතුලත් වීඩියෝ පට සඳහා ඇබ්බැහිවීම්ක් නිසා මෙවැනි සන්සන්දනයන් කොරෙහි පුද්ගලයන් යොමුවෙයි. ලිංගික අවයන්වල පැහැය, හැඩය, ස්වභාවය  පිළිබඳ මෙලෙස සන්සන්දනය කරයි. පසුව ඉන් වෙනස්වීමෙන් කාංසාවක් ඇතිකර ගනියි.


පුරුෂ පාර්ශවය සතුව පවතින තවත් ලිංගික කාංසාවක් වන්නේ තම ලිංගික සහකාරිය ලිංගික සුරතාන්තයට පත්වන තෙක් තමාව පාලනය කරගත හැකි වේද යන්න අනියත් බියක් ඇතිකරගැනීමයි. පූර්ව සන්සන්දනාත්මක මත ඇතිකර ගැනීම මෙවැනි තත්ත්වයන්ට පැහැදිලි වම හේතු වෙයි.



මේවා ලිංගික ගැටලු වේ. ලිංගික.උප⁣දේශනයට යොමු වීමෙන් පහසුවෙන් මෙම තත්ත්වයන්ගෙන් මිදිය හැක. ලිංගික ආබාධ තත්ත්වයන් මින් වෙනස් වේ. එහි හෝමෝන ⁣ගැටලු ඇත. ඒවා සඳහා මනෝඋපදේශනය සමඟ ⁣මනෝවෛද්‍ය ප්‍රතිකාර බොහෝවිට අවශ්‍ය වේ. ලිංගික අබාධ පිළිබඳ ලිපියට -👇

https://psychologytipsforyou.blogspot.com/2020/11/sexual-dysfunction.html




කතෘ අයිතිය P S Y C H O L O G Y පිටුව සතුය. උපුටා ගැනීම තහනම්.


Comments