මානසික ආතතිය

  මානසික ආතතිය  #STRESS


තරඟකාරී සහ අභියෝගාත්මක සමාජ ක්‍රමයක් තුළ අපට ජීවත් වීමට වර්තමානයේ සිදුව ඇත. එම නිසා ආතතියක් නොමැති ජීවිතයක් අපේක්ෂා කල නොහැකි මට්ටමක් සමාජයේ නිර්මාණය වී ඇත. මිනිසාට උපතේ සිට මරණය දක්වාම මානසික අතතියට මුහුණ දීමට සිදුව ඇත. ආතතිය වර්ග කිහිපයක් ඇත.


1.එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන මානසික ආතතිය Acute stress ලෙස හැඳින්වෙයි. මෙය ත්වුර නොවන ක්ලමථය වෙයි. නිදසුන් හැටියට අප විභාගයකට මුහුණ දීමේ දී, බස් රියට ප්‍රමාද වීමේ දී සමීපතමයෙක් තරහ වූ විටක දී මුහුණ දෙන්නේ මෙම ක්ලමථයටයි.

මේ ක්ලමථය පුද්ගලයාට අහිතකර ද. නැත මෙය තාවකාලික ක්ලමථයයකි. මෙම ක්ලමථයට මුහුණ දීම මිනිසා ධනාත්මක කරවයි. අනාගතයේ ඇතිවන අභියොගයන්ට සූදානමි කරවයි. දහඩිය දැමීම,අධික හෘද ස්පන්දන වේගය, කෙළ ගිලීමේ අපහසුතාවය වැනි කායික මානසික අපහසුතාවයන්ට මේ අවස්ථාවේදී පුද්ගලයා මුහුණ දෙයි.

2. දෙවන අවස්ථාව නැවත නැවත ඇතිවන ක්ලමථයය Episode acute stress  වේ. කෙටි කාලීන ක්ලමථය කතාන්දරයක් ලෙස දිගටම පැවතීමයි. බස් රථය ප්‍රමාද වීම නිසා රැකියාවට නිසි වෙලාවට යාමට නොහැකි වීම, පසුව ආයතන ප්‍රධානියාගෙන් බැනුම් ඇසීම, වැටුප් අඩු කිරීම, තමාගේ එදිනෙදා කාර්යයන් කරගත නොහැති තැනට පත්වීම.. මෙලෙස කතාන්දරයක් ලෙස එක දිගට ක්ලමථය සම්බන්ධ වේ. ඉහත කෙටිකාලීන ක්ලමථයට මුහුණ දෙන බොහෝ පුද්ගලන් මෙම ක්ලමථයට මුහුණ දෙයි. 

මෙම තත්ත්වයේ අහිතකර ම ප්‍රතිඵලය වන්නේ මෙලෙස දිගින් දිගටම ක්ලමථයට මුහුණ දීමෙන් පුද්ගලයා ක්ලමථයෙන් තොර ජීවිතයක් අපේක්ෂා නොකිරීමයි. ජිවත්වීම යනු මෙලෙස යැයි සිතා ක්ලමථයෙන් මුහුණ දිීමට උත්සහ කරන්නේ නැත. ජීවිතය විඳින්නට එවැනි පුද්ගලයන් අවස්ථාවක් ඉතුරු කරගන්නේ නැත. විඳවනවා පමණි. 

3. තුන්වන තත්ත්වය දිගුකාලීන ක්ලමථයයයි Chronic stress . යම් සිදුවීමක් ජීවිතය පුරාවටම මතක් කරමින් ආතතියට පත් වීමයි. එය සෘණාත්මක ජීවන අවස්ථාවක් වේ. දික්කසාදය, ස්වාමියා බිරිඳ මිය යාම, ණය ගෙවාගැනීමට නොහැකි වීම, අසතුටුදායක විවාහයක් කරගැනීම මෙම දිගුකාලීන ක්ලමථයට හේතු.වෙයි. මෙම ක්ලමථය පුද්ගලයාට බෙහෙවින් අහිතකරය. හෘදයාබාධ, පිළිකා, අංශභාගය,  වැනි තත්ත්වයන් මෙන්ම මානසික පීඩනය අධික වී විශාදය සහ භින්නෝන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාධිවේදයන්ට හේතු වෙයි.

අපට මේ ක්ලමථයෙන් මිදිය නොහැකිද ? කෙටි කාලීන ක්මථයෙන් මිදිය නොහැකිය. එදිනෙදා ජීවිතයට මුහුණ දීමට යාමේදී සිදුවන සෘණාත්මක තත්ත්වයන් කෙටිකාලීන ක්ලමථය ඇති කරය්. නමුත් එය පුද්ගලයාට අහිතකර වන්නේ නැත. නමුත් දිගුකාලීන හා බරපතළ ක්ලමථයෙන් මිදීමට අපට හැකිය. විවාහය වේදනාත්මක හා අසතුටුදායක නම් දික්කසාදය තීරණයක් ලෙස ගැනිය හැකිය. නමුත් කෙනෙක්ට දික්කසාදය මානසික පීඩනය දුරු කරන්නක් වූවත් තවත් අයෙක්ට එය මානසික පීඩනය වැඩි කරන්නකි. එය පුද්ගල පෞරුෂය අනුව තීරණය වෙයි. එම නිසා මානසික ආතතිය සහ පෞරුෂය අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව පෙනෙයි.

මානසික ආතතියය මුහුණ දීම නිසා කායික මානසික ප්‍රජානන හා චර්යාමය ලක්ෂණ අති කරන බව ඔබ දන්නවා ද?

1. තීරණය ගැනීමට අපහසුය

2. මතකයේ ගැටල ඇති වේ.

3. තමා ගැන අවිශ්වාසය 

4. සෑම දෙයක්ම එපා වීම

5. කලකිරිම

6. ආවේගය

7. හීනමානය

8. ආත්ම අභිමානය නැති වීම

9. අපේක්ෂාභංගත්වය 

10. සමාජ අස්ර ප්‍රතික්ෂේප කිරිම

11. හුදකලාව තෝර ගැනීම

12. කෙන්ති යාම  වැනි ලක්ෂණ අත්විඳියි.


ඊට අමතරව කායික වශයෙන්


 හිසරදය,

 පපුවේ වේදනාව, 

 අතපය පණ නැතී වීම, 

 වේගවත් හදගැස්ම ඇති වෙයි

 තවදුරටත් ලිංගික රුචිය නැති වෙයි. 

 ආදරණිය බව නැතිවේ. 

 ආහාර දිරවී⁣මේ අපහසුතාවයන් ඇති වෙයි

 නින්ද නොයාම

ශරීරයේ විවිධ තැන් වේදනාවීම

ශරීර ශක්තිය හීන වීම


මෙවැනි හේතුන් මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම. විවිධ අහිතකර චර්යාවලට ඇබ්බැහි වීම, අපිරිසිදුවට සිටීම, සහ බෝනොවන රෝග රැසකට මුල්වෙයි. දිගුකාලීන නව ක්ලමථයට මුහුණ දීම නිසා විශාදය භින්නෝන්මාදය දක්වා වර්ධනය වී සිය දිවිනසා ගැනීම දක්වා වර්ධනය වේ.

ක්ලමථය යනු නිහඬ මරුවා #silent killer ලෙස හැඳින්වේ. එහි දරුණු බව ඉන් අවබෝධ වෙයි. අපට ඇති හොඳම විසඳුම වන්නේ ක්ලමථය මගහැරීමට යාම නෙවෙයි. සාර්ථකව පාලනය කර ගැනීමයි. ක්ලමථයෙන් පැන යාමට අපට නොහැකිය.  ක්ලමථ පාලනය ගැන ලිපියකින් හමුවෙමු.


අයිතිය P S YC H O L O G Y පිටුව සතුය. 


Comments