ලේ බැලීමට, ඉන්ජෙක්ෂන් ගැසීමට, තුවාල බැලීමට බයද ? [සුවිශේෂ භීතිකාව Specific phobias]

සුළු මානසික ආබාධ 03

සුවිශේෂ භීතිකාව Specific phobias

යම්කිසි එක් දෙයක් කෙරෙහි, වස්තුවක් කෙරෙහි හෝ යම් අවස්ථාවක් කෙරෙහි දක්වන පදනම් විරහිත යථාර්ථවාදී නොවන භීතිකාවක් අත්දැකීම සුවිශේෂ භීතිකාව වේ. ⁣මෙම අක්‍රමතාව බොහෝ දුරට ආරම්භ වන්නේ ළමා කාලයේ දී ය. ළමා කාලයේ ආරම්භ වී වැඩිහිටිවිය දක්වාම මෙම අක්‍රමතාවය විහිදේ. පිරිමි පාර්ශවයට සාපේක්ෂව ගැහැනු පාර්ශවය පහසුවෙන් මෙම අක්‍රමතාවයට ගොදුරු වීමේ සම්භාවිතාවය වැඩිය. මෙහි සුවිශේත්වය වන්නේ පුද්ගලයා එක් යම් තෝරාගත් නිශ්චිත.අවස්ථාවක් කෙරෙහි අධි භීතිකාවක් දැක්වීමයි.

එවැනි භීතිකාවන් අත්දකින අවස්ථා මොනවද ?

1. ලේ බැලීමට, ඉන්ජෙක්ෂන් ගැසීමට, තුවාල බැලීමට බිය වීම

2. පියාසර කිරීමට බිය(ගුවන් යානාවල යාම ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙම තත්ත්වයෙන් පෙළිඇත ) 

3. මුත්‍රා පිටකිරීම බිය

4. වමනට කිරීමට බිය වීම

5. විසබීජ වලට බිය වීම

6. හුදකලාවට බිය වීම

7. අපිරිසිඳුවට සිටීමට බිය වීම

8. අකුණු ගැසීමට, විදුලියට බිය වීම

9. සමාජ රෝග වැළදේ යැයි බිය වීම

10. වැසුණු ලද ස්ථානයන්ට බිය වීම (විදුලි සෝපානයේ යාමට බිය වීම

11. ඉහළ සිට පහළ බැලීමට බිය වීම

12. ලිංගික අවයවවලට බිය

13. කාන්තාවන්ට බිය

14. විවාහයට බිය

15. ස්පර්ශයට බිය

16. කුඩා සතුන්ට බිය (කැරපොත්තා, හූනා, මැස්සා,ගෙම්බා)

මෙහි සුවිශේත්වය වන්නේ මෙවැනි එක් තෝරාගත් දෙයක් සම්බන්ධයෙන් අසාමාන්‍ය බියක් දැකිවීම සහ එවැනි අවස්ථාවන් නිතර මඟහැරීමයි.

මෙම භීතිකාමය තත්ත්වය ඇතිවීමට හේතු මොනවද ?

බොහෝ විට අදාල අක්‍රමතා සහිත පුද්ගලයන් කුඩා කාලයේ ලබන සිහිපත් කිරීමට අකමැති, බිය ජනක, බිය උපදවන, අතෘප්තිකර මතක හේතුවන බන මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. සිත.තුළ පවතින අධික බිය හා සැකය වැනි චිත්තවේගාත්මක සිතුවිලි ඇතිවීම හා ඒවා පාලනය කරගත නොහැකිවීම මේ තත්ත්වයට හේතුවෙයි.එමෙන් ම

ජානමය සාධක

පාරසරික හා සමාජීය සාධක ද හේතුවෙයි.

මෙම භීතිකාමය තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවද ?

මොවුන්ට තමා අත්දකින බිය යථාර්ථවාදී සහ අතාත්ත්වික වික බව වැටහුනද එය පාලනය කරගැනීමට හා ඉන් මිදීමට හැකියාවක් නැත.

1. මඟහැරීමේ චර්යා සහිත වීම

2. වේගවත් හෘද ස්පන්දනය 

3. පපුව තෙරපීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම

4. ඔක්කාරය

5. ක්ලාන්තය

6. උමතු හැඟීමක් ඇතිවීම

7. මැරෙන්නට යනවා මෙන් හැඟීම 

8. පලායාමට උත්සහ කීරීම වැනි  ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙහි සෘනාත්මක ප්‍රතිඵල මොනවද ?

1. යම් ඇබ්බැහිගත චර්යාවකට යොමුවිය හැකිය,

2. මත්කුඩු /මධ්‍යසාරවලට සමඟ ජීවත්වීමට හුරුවීම,භීකිකාවෙන් ඇතිවන ආතතිය මඟහැරීමට එසේ කරයි.

3. සිතිවිලි උත්සන්න වීමෙන් සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවිවගය හැකිය.

මේ සඳහා ප්‍රතිකාර ගත යුතුද ? 

මෙැනි භීතිකාවන් හේකුවෙන් දෛනික ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවක් සිදුවේ නම් පමණක් ⁣මනෝප්‍රතිකාරවලට යොමුවිය යුතුය. එනම් නිදසුනක් ලෙස විදුලි සෝපානයට ඇති බිය හේතුවෙන් පඩිපෙළ භාවිතා කරන්නේ නම් එය ඔබේ දෛනික ජීවිතයේ වැඩකටයුතුවලට බාධාවක් ඇතිවන තත්ත්වයක් නෙවෙයි. නමුත් පාසල, රැකියාව, හා සමාජය තුළ කටයුතු කිරිමට අපහසුතාවක් හා මානසික පීඩනයක් අත්විඳීනම් මනෝප්‍රතිකාර වෙත යොමුවීම සුදුසු ය.  

තවත් නිදසුනක් හැටියට ගෙම්බන්ට අධි භීතිකාවක් දක්වන පුරුෂයෙක් ගෙම්බන්ට බියේ නිවසේ දොරඅගුළු දමා ජීවත් විමට පුරුදු වෙයි.තවදුරටත් බිය උත්සන්න වීමත් සමඟ රෑපවාහිනයේ, ගුවන් විදුලියේ ⁣ඒ පිළිබඳ පුවතක් විකාශනය වූවත් ක්ලාන්තය වීම සිදුවීම ආරම්භ වෙයි. ඉන් සීමා නොවී සැබෑ ජීවිතය තුළ ගෙම්බා යන වචනය ඇසුනද ක්ලාන්තය වීම සිදුවේ. වෙවැනි තත්ත්වයක් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයකි.එම කිසා මනෝ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

ඒ අනුව මෙම භීතිකාව අත්දකින පුද්ගලයන් සමාජයේ විහිලුට ලක්වීමේ අවස්ථා ඇත."මොඩයි විකාර බොළඳයි " වැනි ප්‍රකාශ සමාජයෙන් එල්ලවන නිසා සමාජ සම්භන්ධතා පවත්වන්ට යාමේ දී මොවුන් අපහසුතාවයට ද ලක්වෙයි. එහෙයින් වෙනත් මානසිකමය අක්‍රමතා දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකිය.

මෙම අක්‍රමතාව සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නොවන අතර ප්‍රජානනය හා ආකල්ප වෙනස් කිරීම, සඳහා මනෝප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය. 


https://psychologytipsforyou.blogspot.com/2020/11/separation-anxiety-disorder.html - 

සුළු මානසික ආබාධ 02 ලිපිය





Comments